
(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රථම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවයම දැඩි අපහසුතාවකට පත්වන බව ද ඔවුහු පෙන්වා දෙති.
පාසල්වල දැනටමත් උසස් පෙළ සිසුන් කණ්ඩායම් දෙකක් සිටින අතර තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් ද යන්නත් ඔවුන්ට ගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරුවරුන් යොදා ගන්නේ කෙසේද පිළිබඳවත් ප්‍රායෝගික ගැටලු පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.
මීට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තමන් කැමැති උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීමට යාමෙන් සිසුන් අපහසුතාවට පත්වන බව ද අධ්‍යාපන විශේෂඥයෝ කියති.
මේ පිළිබඳව කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් සමත් වන්නේ නම් මෙම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බවය.
උසස් පෙළ පන්ති නොපවතින පාසල්වල සිසුන්ට අනුයුක්ත පාසල් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත් එහිදී ද ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වනු ඇති බවද ඔහු කීය.
එහිදී ගැටලු රාශියක් ඇතිවිය හැකි බව ද ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල යුත්තේ හැකි ඉක්මනින්ම සාපෙල පතිඵල නිකුත් කිරිමයි.එසේ නොකොට මේ කරන වැඩ වලින් තව දුරටත් අමාරැවේි වැටෙන්නේ මේ රටේ යමක් කමක් කර කියා ගත නොමැකි දෙමාපියන්ගේ දරැවන්.මේ පිළිබද තින්දු තිරණ ගන්න දේශපාලකයින්ට මොලේ නැහැ. අපේ අධ්‍යාපනයෙන් පවා බිහිකරන්නේ අවසානයේදී වහලෙක්.ඒ නිසා කල යුත්තේ හැකි ඉක්මනින්ම සාපෙල පත්ඵල නිකුත් කිරීමයි.වැඩවර්ජන වැනි දේවල් තියෙනව නම් ඒවට හැකිඉක්මනින්ම විසදුම් දෙන්න. කවුරැ කලත් අධ්‍යාපනය සමග කරන සෙල්ලම ඉතා භයානකයි.දරැවන් බිලිලට ගන්න එපා. මේපිළිබද අදහස් විමසන්න කථ කලොත් මම ලැහැස්තියි මුහුණ දෙන්න. මේ කරන්නෙ ඉදිරියේදී අධ්‍යාපනයෙන් එන වැඩ වර්ජන වලට තාවකාලික විසදුමක්. පන්ති පටන් ගත්තොත් පතිඵල දෙන්න අවුරැද්්දක් ගියත් කමක් නැහැ කියන මතයේ ඉදං තමයි දේශපාලකයින් කටයුතු කරන්නේ. ඒ නිසා තව ුදරටත් ජනතාව හා දරැවන් රවටත්න එපා. හැකිඉක්මනින්ම සියලු වැඩ පසෙකල සාපෙල පතිඵල නිකුත් කරන්න වග බලගන්න. මමත් ගුරැවරයෙක්. හිටපු විදුහල්පතිවරයෙක්. පය බරවායට පිටකර බෙහේත බදිනව කියන්නෙ මේකට තමයි.ලොකු ලොකු සල්ලි කාරයො ටියුෂන් මාස්ටර්ලා ගෙදරට ගෙනවිත් ලක්ෂ ගනන් දීල දරැවන්ට උගන්නාවි.
දේශපාලකයොත් රටේ හරි ප්‍රශ්න හදුනාගෙන නැනැ. එක්කො දැන දැන අහක බලන් ඉන්නව. සමහර විදුහල්පතිවරු ඉන්නවා දරුවන්ට උපරිම ලෙස අසාධාරණය අය.ඒ අය ඉන්න ඕන විදුහල්පති පුටුවල නොවෙයි. හිර ගෙවල් වල. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා මේ න විට වසර 19 ක් අඛණ්ඩිව ඒ පාසලේ විදුහල්පති ලෙස ඉන්නවා. ඒක තමයි දකුනේ දේශපාලකයින්ගේත් නිලධාරින්ගෙත් සුපර් මාකර්ට එක. විදුහල්පති ලාභය බෙදනනේ තමන්ට ආරක්ෂාව දෙන දේශපාලකයින්ට සහ නිලධාරින්ට. ඉතිං එහෙම අයට ඔය ලමයින්ගෙ පශ්න තේරෙන්නෙ නැහැ. හැබැයි ඒවට වැඩි කලක් නැහැ.
ටියුෂන් පටන් ගැනීම ප්‍රශ්නයක් නැද්ද ?
මේ පිස්සටත් යන්න කියන්න පුතා ඉන්න කැනඩාවටම, ඕනෙනම් තම ළමයි ටිකක් දාලා සල්ලිත් අරගෙනම යන්න කියන්න.
මේ ළමයින්ට 11 වසර අවසානයේ විෂය නිර්දේශ ආවරණය කර ගන්න බැරි වුනා A/L කල් දමලා . ඕනෑවට එපාවට O/L කළෙත් , අපේ කාලෙ A/L පටන් ගත්තෙත් සැප්තැම්බර් වල . තීරණ ගන්න උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙ පිටරට වල හෙජින් ගිවිසුම් ගහල අපේ සල්ලි හොරා කාල . මොකෙක් හරි කියන ඕන දෙයකට යස් සර් කියන හරක් ටිකක් තමයි ඉන්නේ මේ රටේ ඉහල තැන්වල
කරුණාකර සාමන්‍ය පෙළ ප්‍රථිපල මාසයකින් දෙන්න.... දරුවන් ගේ කාලය කා දමන්න එපා
ගැලරිය සතුටු කරන තීරණ.
විශ්ව විද්‍යාල වල කටයුතු වර්ජනය නිසා දැනටමත් අඩාලයි නව සිසුන් බඳවා ගැනීමේ කටයුතු වර්ජනය නිසා නතරවී ඇත විභාග නතරවී ඇත සියලු සිසුන් ගෙවල් වල රජයේ විශ්ව විද්‍යාල දරුවන් වසර ගණනාවක් රස්තියාදුකාර පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට රජය දායක වේ මෙවන් දැවෙන ප්‍රශ්න යට ගසමින් මෙවන් බොරු සංදර්ශන පවත්වමින් නොසිට ඇමති හා රජය කල යුත්තේ දරුවන් වසර ගණනාවක් රස්තියාදුකාර නොකර ඉක්මනින් උපාධි ලබා දීම සදහා ඇති සැබෑ බාධා ඉවත් කිරීම සදහා පියවර ගැනීමයි
වෙන මුකුත් එපා. ප්‍රථිඵල ඉක්මනින් දෙන්න විභාග දෙපාර්තමේන්තුව. වෙන බයිලා වැඩක් නැහැ...
AL ටියුෂන් පන්ති පටන් ගන්නත් එපා කියන්න. මෙි වගේ හරක් ඉන්න ගුරැ සංගම් නේ තියෙන්නෙ.