(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අද (21) පැවසීය.
මේ අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවත් පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාදවූ නිසා බවත් අමාත්‍යවරයා කීවේය.
නැත්නම් උසස් පෙළ නොවැම්බර් පටන් ගැනීමට හැකියාව තිබූ බවද ඔහු කීවේය.
ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
දරුවන් ලක්ෂ අටකට සපත්තු ලබන වසරේ ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රාථමික පන්ති සියල්ලටම ලබන අවුරුද්දේ දිවා ආහාරය ලබා දීමට සැලසුම් කර ඇතැයි පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා විභාග කල් යෑම නිසා දරුවන් වයස්ගත වන බවද සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරීක්ෂණ දීමනාව ගැන ධනාත්මක වැඩපිළිවෙළක් සැලසුම් කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරශ්න පත්තරයක් බලාගන්න බැරි උන් රට හදයිද????
අපේ දරුවන් වළ පල්ලේ. අපේ බදු සල්ලි වලින් උන්ගේ ළමයි සුර ලෝකේ.