(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම  අද (08)දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

සමගි ජන බලවේග මන්ත්‍රී  කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවක දී පොරොන්දු වූබැවින් මෙම තීරණයට එළඹි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි අන්දමේ තීරණයක් කතානායකවරයා විසින් නොදුන්නොත් සාධාරණයක් අපේක්ෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය .