(විනීතා එම්. ගමගේ)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී ඔවුන් බිය ගන්වා තොරතුරු ලබාදීම වළක්වා ඇතැයි සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේ පොලිස් අධිකාරි තිසේරා මහතා විසින් ”සැත්කම සිදුකරන මොහොතේ ඒ පිළිබඳව නොකීවේ ඇයි? දැන් කියලා අමාරුවේ වැටෙයි අපට සිදුවෙනවා ඔබලාට විරුද්ධව ක්‍රියා කරන්න” ආදී වශයෙන් පවසා රෝහල් කාර්ය මණ්ඩලය බිය ගන්වා ඇතැයි දැනගන්නට ලැබුණු බව සදහම් සෙවනේ අද (3) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ හිමියෝ පැවසූහ.
රෝහල මඟින් සිදුකළ විමර්ශනයේ දී කාර්ය මණ්ඩලය ලිඛිතව තොරතුරු ලබා දී ඇතැයි පැවසූ රතන හිමියෝ යම් පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු හෙළිදරව් කරගැනීමට කටයුතු කළයුතු වුවද මෙම පරීක්ෂණයේ කරුණු වසන් කිරීමට උත්සාහ දරා ඇති බව නිරීක්ෂණය වන බව ද පැවැසූහ.
මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල මව්වරුන්ට ඇති වූ සංකූලතා කිසිම මුස්ලිම් මවකට ඇතිවී තිබේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තොරතුරු රැස්කිරීමක් සිදුකර නොමැති බවත් ස්වාධීන විමර්ශන නිලධාරීන්ගේ ආචාර ධර්මවලට එය එකඟ නොවන බවත් කී උන්වහන්සේ රෝහල වෙත ලැබී ඇති පැමිණිලි 850 අතරින් 11 ක් සෟජුවම නීත්‍යානුකූල නොවන වඳ සැත්කම් සම්බන්ධයෙන් වන ඒවා බව ද පැවැසුහ.
කැමැත්තකින් තොරව එසේකිරීම ඉතා බරපතල වරදක් යැයි ද මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නොමැති බව ද පෙන්වා දුන් රතන හිමියෝ වඳ සැත්කම් සඳහා සිංහල / දමිළ මව්වරුන් පොළඹවන බවට ද චෝදනාවක් ඇතැයි කීහ.
මොහමෙඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා ඉතා අඩු කාලයක් වැය කරන බවටත් මුස්ලිම් මව්වරුන් සදහා වැඩි වේලාවක් ගතකරන බවටත් රෝහලේ තොරතුරු මගින් සනාථ වී ඇති බවද මේ පිළිබවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නැතැයි ද උන් වහන්සේ කීහ.
මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන සිසේරියන් සැත්කම්වලදී මැහුම් දැමීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා එක් මැස්මකුත්, මුස්ලිම් මව්වරුන් සඳහා මැහුම් දෙකකුත් යොදමින් දෙයාකාරයකින් කටයුතු කරන බවට තොරතුරු ඉදිරිපත් වී ඇතැයි කී රතන හිමියෝ මැහුම් දැමීමේදී අනුගමනය කරන ක්රියාපටිපාටියද මදසරුභාවය ඇතිවීමට බලපෑ හැකිබවට වෛද්‍යවරුන් පවසා සිටින බව ද පැවැසූහ.
ඉහත තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා විසින් සිදුකල සැත්කම්වලින් මව්වරුන්ගේ ගර්භාෂයට හානිවීම් සිදුකර ඇති බවට විද්‍යාත්මක සාධක ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වී යැයි උන්වහන්සේ තවදුරටත් කීහ.
තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මූලික විමර්ශනයේ දී එක්තරා වෛද්‍යවරයකු තමා හමුවේ හැගීම්බර ප්‍රකාශයක් කළ බව පවසමින් නිලධාරියා ද හැගීම්බරව අදහස් ඉදිරිපත් කරමින් අධිකරණයේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සහ ගන්නා බවක් දක්නට ලැබුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම තරහක්නේ තියෙන්නේ මුස්ලිම් ජාතිය සමග. බුද්ධ පුත්‍රයකුට ගැලපෙන ගති ලක්ෂන ඔහු තුළ නොමැත...
හාමුදුරුවනේ CIDඑකට පන්සලට යන්න කියලා ඔබ වහන්සේ CIDඑක බාරගන්න. නියම බුද්ධ පුත්‍රයෙක් වගේ හැසිරෙනවා නම් හුඟක් හොඳයි. බුදුදහම හෑල්ලුවට පත් කරන්න එපා. අද ගිහියන්ට වඩා ස්වාමීන් වහන්සේලා බුදු දහමට වින කරනවා දේශපාලන බල ලෝභීත්වය නිසා..
සීඅයිඩී එකේ අහපු ප්‍රශ්නේ වරදක් නෑනේ. ඔවුන් එවැනි දෙයක් දුටුවා නම් ඇයි මෙතරම් කාලයක් සඟවා ගෙන සිටියේ. මුලින්ම නීතිය ඉගෙන ගන්න. එකක් වත් හරියට කරලා නෑ වගේ. පොහොර බදාගෙන වීරයෙක් වෙන්න හැදුවා... ඒක හරි ගියෙත් නෑ. ඔක්තෝබර් ව්‍යවස්ථාව කඩලා ආණ්ඩු පෙරලන්න හැදුවා. ඒක කරගන්න බැරි වුණා. උපවාසයක් කරලා මුසල්මානු පිරිස වෙන පැත්තකට තල්ලු කරලා ඔවුන්ට දේශපාලන වාසියක් අරන් දුන්නා.. බෝම්බ සිද්ධිය යට යැව්වා.. කොටි ඩයස්පෝරා සල්ලි අරන් අපේ ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්කරන එකද මේ දැන් කරන්නේ? ගිණුම් ටිකත් පරීක්ෂා කළ යුතුයි.
කවුද නවුෂාඩ්? තමාගේ ජාතිය ගැන තරහකින් කතා කරලා නෑ කවුරුත්. පාහර වැඩ කරලා හෙළ රටේ හෙළ ජාතිය වඳ කරන්න දඟළපු තිරිසනෙක් ගැන කතා කරලා විතරයි.
බෝම්බයක් පිපිරෙන්නම ඕනේ ඇහැරෙන්න.
අවිද්‍යාත්මකව හැඟීම් වලට මුල් තැනදී වන කරගත් තවත් ප්‍රශ්නයක් මේක. මැතිවරණ උණුසුමත් එක්ක මේක වවාගෙන කෑවා. ඇණ ගත්තු කට්ටිය දැන් ටික ටික ප්රශ්නය මඟ හරිමින් පවතිනවා. ශ්‍රී ලාංකීය සමාජයට මාතෘ සෞඛය කෙරෙහි ජනතා විශ්වාසය පලුදු වීමට මෙය සෘජුවම බලපාමින් පවතිනවා.
අනේ හාමුදුරුවනේ අපේ පාංශුකූලේ කල්දාන්න වෙයිද?
නවුෂාඩ් මයා වෙත, බෞද්ධයන් අන්අයට වෛර නොකරයි. වෛර කරන්නට උගන්වන ආගම් මොනවද යන්න ඔබ හොඳ කරාම දන්නවා නේද? රතන හිමි මේ කරන්නේ මුළු ජාතිය වෙනුවෙන් යුතුකමක්. ඒ හිමි කිසිම තැනක මුස්ලිම් ජාතිය ගැන නොවේ සඳහන් කරන්නේ. මේ අන්තවාදී අදහස් දරන ශාෆි සහ ඔහුගේ අනුගාමිකයන් ගැනයි. මේ අසාධාරණයට ලක්වුණු අහිංසකයන් (සිංහල පමණක් නොවේ, දමිල අහිංසක ජනතාවත් ඇතුළත්ව) වෙනුවෙන් කතා කිරීම ඔබට රිදුනේ කෙසේද?
අන් අයගේ රාජකාරියට බාධා නොකරනු මැන... යමක් කීමට කිරීමට පෙර දෙවරක් සිතනු මැන... සැබෑ බෞද්ධ පිළිවෙත් පුරනු මැන... හරියට නොදැන ප්‍රකාශ කර රට ගිනි තැබීමෙන්, නැවත විනාශයක් ඇති විය හැක.
සියලු මුස්ලිම් සහෝදරවරු දන්නා ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය හිස ඔසවමින් සිටිනවා කියලා. සමහරක් මේ අන්තවාදයට බයෙන් ඒ ගැන කතාකරන්නේ නැහැ.. තවත් මුස්ලිම් කොටසක් හිතනවා මේ අන්තවාදයෙන් පහර ගහන්නේ අනෙක් ජාතිකයින්ටනේ... මරන්නේ අනෙක් ජතිකයන්වනේ ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි සහෝදරයා... හොඳට මතක තියාගන්න මරාගෙන මැරෙන බොම්බේ බඩේ බඳින්නේ මුස්ලිම් දරුවෙකුගේ කියලා ඒ දරුවා ඔබේ දරුවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න, සිරියාව, ඉරාකේ, ඉරානේ, ලිබියාව, සූඩානේ, මුස්ලිම් අන්තවාදය නිසා වෙලා තියෙන විනාශය... මේ අන්තවාදයෙන් විනාශ වෙන්නේ සියලුම ජාතීන්..
ශානි අබේසේකර සී අයි ඩීය බාරගන්නකොට අපි සැනසුම් සුසුමක් හෙලුවා. හැබැයි විමල් වීරවංසත් ඔහු ගැන තදබල විවේචනයක් එල්ල කර තිබුනා. දැන් රතන හාමුදුරුවෝ කරුණු පෙන්නනවා. ගින්නක් නැතුව දුමක් නොනගී. හාමුදුරුවෝ කරලා තියෙන්නේ යට ගහන්න හදන දෙයක් ඉස්මතුකරලීම නොවේද?
සාලිය නොදන්නා දේ ඔබ කතා කොරන්න එපා. රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම රටේ පරිපාලනයේ විවිධ අය ඇසුරුකරන කෙනෙක්. එමනිසා ඔහුට ඔබගේ අපගේ උපදෙස් වලින් වැඩක් නැත.
අපේ හාමුදුරුවනේ කරණාකර සීඅයිඩී යේ වැඩ සොයාබලා අපිව දැනුවත් කොරන්න. අපි කොතනද ඉන්නේ කියා සිංහල අපිට දැනගන්න. අටුලුගම සිද්දිය පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ඒතැනදී පොලිස්සියේ ක්රීයාකලාපය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.
මේ හාමුදුරුවන්ගේ හැම වැඩේම සාර්ථකයි. අපි දැන් කන්නේ වස විස නැති බත් සහ එළවලු...
රතන හිමිට අවශ්‍ය පරිදි සීඅයිඩිය වාර්තා නොකළ නිසා දැඩි කෝපයකින් පසුවන බව එදින කුරුණෑගල උසාවිය ඉදිරිපිට මාධ්‍යට කතාකළ උන්වහන්සේගේ කතාවෙන් කාටත් පැහැදිලියි. තවත් කඩේ යන මහාචාර්යවරයෙක් මේ සඳහා දැඩි වෙහෙසක් ගන්නවා. අපි බලමු සත්‍ය ජය ගන්නවද කියලා...
මහණකමට ආවා නම් අල්ලාගැනීම් පසෙකලා මහණකමේ රැඳෙන්න එපායැ. මේ කරන්නේ මහණකමේ ඉඳගෙන ඇලීම් ගැටීම් ඇතිකර ගනිමින් ඉඳුරන් පිනවීමනේ..
අතන, මෙතන, රතන හාමුදුරුවන්ගේ නිරීක්ෂණ, නිගමන හැකියාව දැකලා ස්කොට්ලන්ඩ්යාර්ඩ් එකේ පරීක්ෂණ කොට්ටාශය බාරගන්න කියයිද දන්නේ නෑ.
එජාපයෙන් චිට් මන්ත්‍රීවෙලා මන්ත්‍රී වරප්‍රසාද ලබමින් මෛත්රිගේ උපදේශකයෙක් වෙලා පහුගිය කාලේම කරපු සෙල්ලම් වෙනවිදිහකට කරලා වෙන විදියකට චිට් මන්ත්‍රී වෙන්නද උත්සාහ කරන්නේ කියලා සැකයි. සිවුර හෝ දේශපාලනය අයින් කර අාවා නම් හොඳයි. මුස්ලිමුන් හා දෙමළුන් නීතියට හසු නොවන ලෙස සෙල්ලම් කරනවා. ඒ දෙගොල්ලටම ජාත්‍යන්තර ආධාර හොඳට ලැබෙනවා. ඔවුන්ගේ ආර්ථික ස්ථාවරය සිංහල බෞද්ධයින්ගේ ස්ථාවරයට වඩා ප්‍රභලයි. අද මුදල් පදනම ප්‍රබල අය බලවත්. බලවත් සුළු ජාතින්ගේ කේවල් කිරීම තුළින් පාලක පක්ෂය බලයට එනවා විනා ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ඒමට වෙනත් ක්‍රමයක් නැත. ඒ නිසා දේශපාලනයෙන් තොරව සිංහල බෞද්ධයින් ආනයන අපනයන ප්‍රවාහන හා විවිධ ව්‍යාපාර වල යොදවීමට අවශ්‍ය මුදල් හා පහසු ක්‍රම හා විධි සකසා දෙමින් සිංහල බෞද්ධයින් ගේ මුදල් පදනම බලවත් කර ප්‍රබල බලවතුන් බහුතරය බවට පත්කරන්න ගතයුතු වැඩපිලිවලක් හැදීම උපවාස කිරීම හා වෛරය වැගිරීම තුළින් බුදුන් වහන්සේට නිගා කරනවට වඩා හොඳ නැතිද?