
(නිමන්ති රණසිංහ)
කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරුවන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
ඒ අනුව, මෙම අලින් 14 දෙනාගේ පැරණි හිමිකරුවන්ට ම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කරන ලෙසට දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් විය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241 / 21 අගෝස්තු මස 19 වැනි දා දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප: රෝහණ සමරවීර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට අන්තිමට වරදකාරයින් වෙන්න යන්නේ අලි ටික වගෙයි. මෙහෙමත් රටක්...
මෙවර මහනුවර පෙරහැර වෙලාවේ අලියෙක් හෝ ඇතෙක් ගමන් කරන අවස්ථාවේ මේ ගමන් කරන්නේ අහවලාගේ ඇතා, මේ යන්නේ අහවලාගේෙ අලියා, මේ යන්නේ අහවල් ඇමැතිගේ කෙනෙර, ආදී වශයෙන් හැඳින්වීමක් කළා. ලබන වසරේ පෙරහැරේදී මැටි ඇමැති කී දෙනෙකු හෝ පවුල් කීපයක අයගේ අලි ඇතුන් පෙරහැරට සහභාගි කරාවිද අපි බලාසිටිමු.
බුද්ධාගම නිසා වද විඳින සත්තු. අලිවෙලා උපන් නිසා ඔවුන් නිදහස නැතිව වද විඳලා මියයනවා...
කබලෙන් ලිපට කිව්වලු
බලපත්‍ර නැති, ලියාපදිංචි නොකල අලි ළග තබා ගැනීම වන ජීවි හා වෘක්ෂලතා සංරක්ෂණ පනතට අනුව නීති විරෝධී නිසා තමයි පසුගිය කාලයේ එවැනි අලි වන ජීවී භාරයට අරගෙන එසේ ඒ අලින්ව තබාගෙන හිටි අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කලේ. එවක වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් දේශපාලකයන්ට බයේ කටයුතු කලේ නැහැ.