
(ගයාන් සූරියආරච්චි )
උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල් රියදුරෙකු (36) සහ අවුරුදු 33 සහ 35 වියේ පසුවන හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම කොස්තාපල් වරයා අසනීප නිවාඩු වාර්තා කර සිටියදී මෙය සිදු කර ඇති අතර සැකකරුවන් මෙම අපරාධය සිදුකිරීමට යොදාගත් මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඇතුළු සිව් දෙනෙකු ඔවුන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසා ව්‍යායාම කිරීම සඳහා උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයකුගේ රියැදුරු බලපත බලෙන් ලබාගෙන එය ලබාදීම සඳහා මුදල් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.අයි.ඩී පාට් දමා බීර කෑන් කොල්ල කාලා