
(රෝෂන් තුෂාර)
රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා හා තවත් සැකකරුවකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
පැමිණිල්ලේ පළමු සැකකරු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.
එක් සැකකරුවකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.
2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන කටයුතු කරමින් සිටියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම හා එම පුටු දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට බෙදා දෙමින් අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙම පැමිණිල්ල ගොනුකොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd