
බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ෂාරුක්ට අමතරව, 'කොවිඩ් 19' ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත්තේ කත්‍රිනා කයිෆ්, කාර්තික් ආර්යාන්, ආක්ෂේ කුමාර් සහ ආධිත්‍ය රෝයි කුමාර්ය. මොවුන් ආසාදිතයන් බව තහවුරු හඳුනා ගැණුනේ පසුගිය දින කිහිපයේදීය.
ෂාරුක් ඇතුළු සෙසු නළු නිළියන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
දිගු නිහැඩියාවකින් පසු ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපට තුනක් එක පෙළෙට එළිදැක්වීමට නියමිතය. ඒ, ලබන 2023 දීය. 'පතාන්', 'දුන්කී' සහ 'ජවාන්' යනු එම චිත්‍රපට ත්‍රිත්වයයි.

'ජවාන්' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ දසුන්...
එකිනෙකට වෙනක් කතා තේමා රැගත් මෙම චිත්‍රපටවල ප්‍රචාරණ කටයුතුවල ෂාරුක් නියැලී සිටී. 'ජවාන්' යනු තෙලිගු අධ්‍යක්ෂ අට්ලීගේ නිර්මාණයකි. මෙය වෙනස්ම විදියේ ෂාරුක් ඛාන් චිත්‍රපටයක් බව එහි කෙටි පූර්ව ප්‍රචාරක පටයෙන් පෙන්නුම් කෙරේ.
(ටයිම් ඔෆ් ඉන්දියා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd