
ආණ්ඩුවත් එක්ක නිතර හැප්පෙන පක්ෂයක ලේකම් මට්ටමේ කෙනකුට පොහොට්ටුවේ ප්‍රබලයකු පෙරේදා පාර්ලිමේන්තුවේදී හමුවිය.
ඔහු පොහොට්ටුවේ පමණක් නොව ආණ්ඩුවේ ද ප්‍රබලයෙකි." මොකද මේ අපේ අයත් එක්ක ගැටුම් හදාගන්නෙ ."පොහොට්ටුවේ ප්‍රබලයා විමසුවේ විහිළුවට මෙනි." නෑ නෑ අපි කාත් එක්කවත් ගැටුම් හදාගන්නෙ නෑ .
මේ ඉන්න අයනෙ අපේ අයට එක එක දේවල් කියලා අපි අවුස්සන්නේ "ලේකම් මට්ටමේ කෙනා කීවෙ අසල සිටි පසුපෙල කීපදෙනකු ද පෙන්වමිනි.අපි කාටවත් එක එක දේවල් කියන්නෙ නෑ.
හැබැයි අපිට කිව්වහම අපිත් උත්තර දෙනවා " එහි සිටි පසුපෙළ කිහිපදෙනා කියන්නට වූහ." ගැටුම්වලට යන්න එපා කියලා මමත් අපේ ඉන්න අයට කියන්නම්.ඔයාලත් එක එක දේවල් කියල අවුස්සන්නේ නැතුව වැඩ කරන්න "ප්‍රබලයා කීවේ අවවාදයක් ද දෙමිනි
(අගස්ති)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd