(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා මෙතෙක් ලංකාවෙන් සොයා නොගත් යූරියා නයිට්රේට් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිෂ්පාදනය කර තිබෙන බව හිටපු රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංගේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද(16) සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම එම බෝම්බ සඳහා වැඩි දියුණු කරන ලද ඩෙටනේටර් යොදා ගෙන තිබෙන බවද වැලිඅංගේ මහතා සඳහන් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී සාක්ෂි විමසීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුපුරන ද්‍රව්‍ය සහිත බෑග් වීඩියෝ එකේදී දුට විගසම ජනතාව දැනගත්තා මේවා නම් විදේශ රටක නිපදවන ලද ඒවා බව . එසේම කුඩා බෑග් එකක් මගින් කල මහා විනාශය දුටු විගස තේරුම් ගියේ ලන්කාවෙ නොමැති අධි බලැති පුපුරන ද්‍රව්‍ය විය හැහැකි බවයි . මේ කරුණු මෙතෙක් කලක් ජනතාවගෙන් සැගවීමේ යටි අදහසක් තිබුනාද යන සැකය දැන් මතුවේ.