(නිමන්ති රණසිංහ)
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා උපන්දින සැමරුම පැවැත්වීමට අවසර ලබාදුන් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලය සම්බන්ධ විමර්ශන කොළඹ කොටුව පොලීසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙම හෝටලයට එරෙහිව කොළඹ කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඉකුත් 30 වැනිදාය.
ඒ අනුව කොළඹ කොටුව පොලිසිය විසින් අදාළ හෝටලයේ කළමණාකාරීත්වයෙන් ප‍්‍රකාශ කිහිපයක් ද සටහන් කර ගනු ලැබ තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් එම සිද්ධියට අදළ විමර්ශන කොටුව පොලිසියෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මාරු කිරීමට අද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණී.
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් මෙම සාදයට සහභාගී වූ 15 දෙනකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදා හැර තිබිණී. එසේම, එම අය මේ වන විට පස්යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර ඇතැයි පොලීසීය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ කාලකණ්ණින්ට මොලයේ කඳුළක්වත් නැතිද? රට වැනසුණත් මේ අයට ඕනේ ජෝගි නටන්න...!!!
ඕවා නිකන් සංදර්ශන විතරයි. අපි තමයි හොඳටම කළේ...
වෙන වැඩ නැතුවද?
‘‘ පියුමි හංසමාලි‘‘ කියන්නේ දැවෙන ප්‍රශ්නයක් නොවේ...!!!
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකකුත් ඕනලු..!!!
කොරෝනාවලට දීලා තියෙන තැන...