ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට වැඩම කර වූ   ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවූහ.

මෙම අවස්ථාවට වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.

පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් තොටුපළෙන් පසුව අතිඋත්කර්ෂවත් රථ පෙරහැරක් මගින්  සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවන ලදී.

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙන්ම වියට්නාම් ජාතික බැතිමතුන් ද විශාල පිරිසක් සහභාගී වූහ.