
(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයට අදාළ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැදී සිටිය යුතු බැවින් ඔවුන්ගේ ගමන් පහසුකම්, නවාතැන් ඇතු`ථ සිය`ථම සුබසාධන කටයුතු සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබිය යුතුයැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් එම දෙපාර්තමේන්තුවට නිකුත් කළාය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයෙන් ලිඛිතව ඉල්ලා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd