IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයන්න කැමරා 42ක් චෙක් කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ මහතා පදිංචිව සිටි කුරුඳුවත්ත මල් පාර නිවස අසල සිට බොරැල්ල සුසාන භූමිය භූමියේ දක්වා දිවෙන මාර්ගයේ සිසිටිවි කැමරා එලෙස පරික්ෂා කර ඇත.

ඝාතනයට ලක්වූ දිනේශ් ශාෆ්නර් මහතාගේ ජංගම දුරකථනය මෙන්ම ඊට අදාළ විමර්ශන සිදුකරන තවත් ජංගම දුරකථන කීපයක විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන සිදු කිරීම ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය.

ඝාතනයට ලක්වූ සභාපති වරයා (model farm) මොඩල් ෆාම් ප්‍රදේශයේදී විධායක නිලධාරියාගේ ජංගම දුරකථනයට (tower location) ටවර් ලොකේශන් දමා ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සිදුවූ දින රාත්‍රී 8.15 ට පමණ ඔහුගේ බිරිඳ සමග එංගලන්තය බලා යාමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇතැයි ද ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සවස 4 පමණ වන විට යාමට තිබෙන බැවින් බිරිඳ ඔහුට වරින් වර ඇමතුම් ලබා ගෙන ඇතැයි ද සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සභාපතිවරයාගේ අභිරහස් ඝාතනය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වති.

 



අදහස් (2)

ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයන්න කැමරා 42ක් චෙක් කරලා

සෙනරත් Monday, 19 December 2022 04:57 AM

ඔක්කොම චෙක් කරලත් තාම අහුවෙනේ නෑ ...පුදුම පරීක්ෂණයක් ඒක ...ශාෆ්ටර් තනියම ගැටගහගෙන සියදිවි හානිකරගෙන වගෙ..

:       1       5

fairoosMonday, 19 December 2022 01:01 PM

කාර්මික දෝෂයක් නිසා කැමරා පද්ධතිය බිඳ වැටිලා වෙන්නැති..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site