(යොහාන් භාසුර, ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය වීමට පෙර මුණගැසීමට යන්නේ යැයි පැවසූ පුද්ගලයකුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් අදාල ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත් බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් අද (16) පස්වරුවේ පැවසීය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකුගෙන් අද (16) දිනයේ ප්‍රකාශ ලබාගත් බවත් ප්‍රකාශ ලබාදුන් පිරිස අතර බිරිඳ වන ඝාතනයට ලක් වූ දිනේෂ් ෆාස්ටර් මහතාගේ බිරිය ටානී ශාෆ්ටර් මහත්මියගෙන්,විධායක ධාරියකුගෙන් බොරැල්ල කනත්තේ සේවකයන් කීපදෙනකු ද සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කී එම නිලධාරියා සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරමින් සැකකරුවන් හදුනාගැනීමට පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් වැඩි දුරටත් කීය.
ඊට අමතරව සභාපතිවරයා පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත පරීක්ෂා කිරීමට ද , ඔහු පරිහරණය කළ ජංගම දුරකථනය පරික්ෂා කිරීම මෙන්ම විශේෂයෙන් සීසීටීවී කැමරා දර්ශන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන සිදුකරන නිලධාරීන් මේ වන විට පියවර ගෙන ඇතැයි එම නිලධාරියා කීය.
සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.