
(අනිල් ගාමිණීවිජේරත්න)
2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්.බී.එම්. දනෝජ් තීක්ෂණ වීරසේකර ශිෂ්‍යයා ලකුණු 193 ක් හිමිකර ගත්තේය.
එය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබූ ඉහළම ලකුණ බවට වාර්තාවේ.
ජයග්‍රහණය ගැන අදහස් දැක් වු දනෝජ් තීක්ෂණ වීරසේකර සිසුවා මෙසේ කීය.
මෙම ලකුණ ලබා ගැනීමට මඟ පෙන්වූ පන්ති භාර ගුරුතුමියටත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ස්තුතිය පුද කරනවා.
පාසලේ ගුරුවරුන්ට අමතරව අපේ පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලබන මගේ අක්කත්, මගේ තාත්තත් විභාගය සමත් වෙන්නට ගොඩක් උදව් උපකාර කළා.
මගේ තාත්තා මට කිසි අඩුවක් කළේ නෑ.දවසේ වැඩේ දවස තුළම කරමින් විනෝදයෙන් තමයි මම විභාගයට සූදානම් වුණේ.
ලැබූ ලකුණ ගැන මට හරි සතුටුයි. හොඳ පාසලක අධ්‍යාපනය ලබලා ඉංජිනේරුවෙක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd