
(අනිල් ගාමිණි විජේරත්න )
ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පොලිසියෙන් වාර්තා වේ.
ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත.
එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරු පැදියට ගොඩ කරවාගෙන ඇත.
නිවස අසලට ගිය එම යතුරු පැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා තිබේ. යතුරුපැදිකරු එම සිසුවියට පාසැල් උපකරණ ලබා දෙන බවට ප්‍රකාශ කර සිසුවිය සමග අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර ඇත .එහිදී සිසුවිය කෑ ගැසීමට උත්සාහ කළ විට කෑ ගැසුවහොත් ඇය මරණ බවට පවසා තිබේ.
මද දුරක් ගිය යතුරුපැදිකරු දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවකු දැක කැලෑ ප්‍රදේශයේ යතුරු පැදිය නතර කර සිසුවිය දමා පලා ගොස් ඇත.
දහම් පාසල් සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිප දෙදෙනකු සිසුවිය දැක එම ස්ථානයට ගොස් කරුණු විමසා ඇත.එහිදී සිදුවීම දැනගත් ගම්මු පසුව එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා බාරදී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්ම අප්පලා මෙහෙමද ළමයි ගැන බලන්නේ. මුලින් ලොරියක ඇවිත් යාළුවොත් එක්ක පස්සේ තනියම. අද ඉරිදා දවසේ කවුරු හරි ඉන්න එපාය.
මොකටද මේ පොඩි ළමයි පැහැරගෙන යන්නේ. සමහරවිට කප්පම් ගන්නත් වෙන්න බැරි නෑ. මිනිස්සු දැන් ඉන්නේ මොනවා කරලා හරි සල්ලි හොයන්නයි. කොහොම හරි ළමයා බේරුන එක ලොකු දෙයක්.
මෙවැනි පුද්ගලයින්ගේ අණ්ඩ කෝෂ පිටරට පටවා ඩොලර් හොයමු.
ළමයි හැදුවට මදි ඒ අයගෙ ආරක්ෂාව සහ ළමයි මොනවද කරන්නෙ යන්නත් දෙමාපියන් යොයා බැලිය යුතුයි.
ළමයින්ගේ ආරක්ෂාව කියලා ළමයින්ගේ පස්සෙන්ම ඉන්න හැමෝටම බැහැ, මේ ආර්ථික ප්‍රශ්ණ එක්ක ගම්වල මිනිස්සු ඔට්ටු වෙන්නේ තුන් වේලෙන් එක වේලක් හරි කන්නයි,