IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශිෂ්‍යත්ව දැරිය කාමාතුරයාගෙන් අනූ නවයෙන් බේරෙයි

(අනිල් ගාමිණි විජේරත්න )

ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පොලිසියෙන් වාර්තා වේ.

ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත.

එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරු පැදියට ගොඩ කරවාගෙන ඇත.

නිවස අසලට ගිය එම යතුරු පැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා තිබේ. යතුරුපැදිකරු එම සිසුවියට පාසැල් උපකරණ ලබා දෙන බවට ප්‍රකාශ කර සිසුවිය සමග අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර ඇත .එහිදී සිසුවිය කෑ ගැසීමට උත්සාහ කළ විට කෑ ගැසුවහොත් ඇය මරණ බවට පවසා තිබේ. 

මද දුරක් ගිය යතුරුපැදිකරු දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවකු දැක කැලෑ ප්‍රදේශයේ යතුරු පැදිය නතර කර සිසුවිය දමා පලා ගොස් ඇත.

දහම් පාසල් සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිප දෙදෙනකු සිසුවිය දැක එම ස්ථානයට ගොස් කරුණු විමසා ඇත.එහිදී සිදුවීම දැනගත් ගම්මු පසුව එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා බාරදී තිබේ.



අදහස් (6)

ශිෂ්‍යත්ව දැරිය කාමාතුරයාගෙන් අනූ නවයෙන් බේරෙයි

damith Sunday, 18 December 2022 06:58 PM

අම්ම අප්පලා මෙහෙමද ළමයි ගැන බලන්නේ. මුලින් ලොරියක ඇවිත් යාළුවොත් එක්ක පස්සේ තනියම. අද ඉරිදා දවසේ කවුරු හරි ඉන්න එපාය.

:       1       39

ප්‍රියන්ත Monday, 19 December 2022 12:02 AM

මොකටද මේ පොඩි ළමයි පැහැරගෙන යන්නේ. සමහරවිට කප්පම් ගන්නත් වෙන්න බැරි නෑ. මිනිස්සු දැන් ඉන්නේ මොනවා කරලා හරි සල්ලි හොයන්නයි. කොහොම හරි ළමයා බේරුන එක ලොකු දෙයක්.

:       2       25

පිටිගල මිලානෝ Monday, 19 December 2022 05:34 AM

මෙවැනි පුද්ගලයින්ගේ අණ්ඩ කෝෂ පිටරට පටවා ඩොලර් හොයමු.

:       0       19

මහේෂි Monday, 19 December 2022 01:55 PM

ඊයා කියන කතා.

:       1       0

soma Monday, 19 December 2022 02:08 PM

ළමයි හැදුවට මදි ඒ අයගෙ ආරක්ෂාව සහ ළමයි මොනවද කරන්නෙ යන්නත් දෙමාපියන් යොයා බැලිය යුතුයි.

:       1       3

sampath Tuesday, 20 December 2022 08:41 PM

ළමයින්ගේ ආරක්ෂාව කියලා ළමයින්ගේ පස්සෙන්ම ඉන්න හැමෝටම බැහැ, මේ ආර්ථික ප්‍රශ්ණ එක්ක ගම්වල මිනිස්සු ඔට්ටු වෙන්නේ තුන් වේලෙන් එක වේලක් හරි කන්නයි,

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site