(පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හය දෙනකු විෂවර්ගයක් ශරීර ගත වීමෙන් නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.
පානීය ජල බෝතල්වලට කිසියම් විෂ ද්‍රව්‍යක් කලවම් කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
පාසලේ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලිකර ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද රෝගී වී රෝහල් ගත කර ඇත.
එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වූයේ දැයි පොලිසිය සැකකරයි
ජලයට මිශ්‍රවී ඇති වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.
-----------------------------------------------------------------------
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක සිසු දරුවන් හය දෙනෙකුගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් මුසුවීම නිසාඑම ජලය පාලනය කළ එම සිසුන් හය දෙනා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.
ඔවුන්ගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් කවුරුන් හෝ මුහු කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි නාරම්මල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අපරාධයක්ද මේ?
ඇයි තරගය... ඔය තනතුරු මාස 3ක් නැහැනේ... 3ට වෙනස් කරන හැමෝටම චාන්ස් එකක් දෙන්න ඕනේ...
රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවන නිසා මෙහෙම වෙනවා වෙන්න පුළුවන්... ජනාධිපති මුලින්ම කිව්වා මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා... එදා සිටම මිනිස්සු පිස්සන් වගේ හැසිරෙන බවක් පේනවා... ඇත්තටම වස මිශ්‍ර කළ දැරියගේ අම්මා, අප්පා ගැන සොයා බලන්න ඔවුන් තමන්ගේ දරුවා රජෙක් කරන්න අනෙක් දරුවන් මරණයට පත්කිරීම කරනවාද සැකයි. කොහොම හරි රටේ සාරධර්ම පිරිහීම සමානුපාතික ඡන්ද ක්‍රමයත් හේතුවක් වුණා... ඒත් රට වඩාත්ම පිරිහීමට ලක්වීම ආරම්භය 2005න් පස්සේ ඇතිවුණා කියලා කියන්න පුළුවන්..
රාජපක්ෂ ක්‍රමවේදය... මිනීමරලා හරි බලය, තනතුරු, තානාන්තර ලබාගැනීම...
වල නාශක නම් එතරම් ප්‍රබල නෑ කියල කතාවක් නෑ. ඉතා සුළු ප්‍රමාණ වලින් උනත් දරුණු, ජීවිත කාලයටම බලපාන අතුරු ආබාධ ඇති වෙනවා.
හැම තැනම හැම එකකටම තරඟය. ගුරුවරුන් ළමයින්ව පෞද්කලිකව බෙදාගෙන. අහින්සක හිත් නරක් කරලා. ළමයින්ගේ හිත් හදන එක ගුරුවරුන් ගේ ප්‍රධාන කාර්යයක්. නමුත් බොහෝ ගුරුවරුන් එහෙම එකක් දන්නෙත් නෑ...
මේ රටේ තියන කාලකන්නි තරඟකාරීත්වය වෛරය වපුරවන පසුබිමක් වෙලා. දැන් ළමයි බලන්නේ තව කෙනෙක් මරාගෙන හරි උඩ යන්න. කවදා සිදුවුණු දේවල්ද මේ? මේක සෙල්ලමට කරපු දෙයක් නෙවෙයිනේ. වල් නාශක කියන්නේ අන්තිම විස. සිසුවියට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙහෙම අනගාත අපරාධකාරයෝ රටට සම්පතක් නෙවෙයිනේ...
මේක ඉතාම ශෝචනීය මෙන්ම බරපතළ තත්වයක්. මේ තමයි රටේ අනාගතය. පාසලක තනතුරක් වෙනුවෙන් මෙවන් තීරණයකට එළඹෙන මානසිකත්වයකට පත්වීම ගැන සොයා බලා නිසි පියවර ගතයුතුයි. අදාල ළමයා හිරේ දාන, දඬුවම් දෙන එක නෙවෙයි මම කියන්නෙ. සෑම දෙයකටම හේතුවක් තිබිය යුතු අතර, එය සොයාබලා ඊට විසඳුමක් දියයුතුයි.
මේ තමා අද බිහි වෙලා තියෙන අනෙකා මරාගෙන හෝ ඉදිරියට යාමේ සංස්කෘතිය.
කාලකන්නි දරුවෙක්
මගෙ දරුව හැම දෙයකින්ම පලවෙනි ස්තානය ගන්ට ඔනයි සිතන මොඩ දෙමවුපියන් අතර තියෙන තරගයෙ අනිසි බලබෑම් මෙවැනි ක්‍රියාවන්වලට හෙතුවක් වෙන්ටත් පුලුවන්.
යකෝ දැන් ඉන්නේ ළමයි නෙමේ, මදවියෝ, මුන්ට දැන් ඉඳලම බලතන්හාව, එකෙක් මරලා උන්ගේ වැඩේ කෙරෙනවනන් එච්චරයි අනිවාර්යෙන් ජිවිත කාලයටම මතක හිතෙන දඩුවමක් දෙන්න ඕන
දෙමාපියන් දරුවන්ට එල්ල කරන පීඩනය, තරගයට පෙලඹවීම, ටියුෂන් වල අවසාන ප්‍රතිපලය මරාගෙන මැරෙන දරුවන්.
පාසල් යන වයසේ දරුවන් මේ තරම් දරුණු හැසිරීම් වලට යොමු වෙන්න මව්පියන්ගෙ පීඩනයත් බලපානවා.. මනුස්සකම් වෙනුවට බල තන්හාව ලමා මනසට කිව්වම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නම වෙනවා.. parenting හෙවත් දෙමව්පිය භාවය ගැන විවාහක යුවල් වලට අලුතෙන් උගන්වන්න ඕන..
2000 පස්සෙ ඉපදුන අයගෙ මානසිකත්වය ටිකක් අවුල් කියල මම අහල තියෙනවා
මේ වෙන දේවල් වලට මාධ්‍ය ඔස්සේ විකාශය වන වැඩසටහන් වගකිව යුතු නැද්ද?ප්‍රවෘත්ති, චිත්‍රපට වල දකින දේවල් ළමයින්ගේ ඔළුවට යන්නෙ වැරදි ආකාරයට ඒදේවල් ළමයි ප්‍රායෝගිකව කරනවා.අද ප්‍රවෘත්ති බලද්දි අපිට පේන්නෙ ඍණ අදහස්ම විතරයි ඒ දේවල් බලන ළමයින්ට අපි කියන්නෙ ධනාත්මකව හිතන්න කියල. කකුළුවන්ට කෙලින් යන්න උගන්නනවා වගේ.