(රෝෂන් තුෂාර)
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනුකුල නඩුව විභාග කළ යුත්තේ කුමන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදැයි අභියාචනාධිකරණ නියෝගයක් නැවත ලබා ගන්නා ලෙස විත්ති පාර්ශවයට නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (20) දින දන්වා සිටියේය.
මෙම නඩුව මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග කළ අතර විත්තිය කළ ඉල්ලීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ නඩුව විභාග කරන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී තිබිණි.
එම නියෝගය ප්‍රකාරව අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණ පූර්ගාමී මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඉදිරියේ නඩුව කැඳවීය.
අද දින හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ නඩුව කැඳවීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව පූර්ගාමී විනිසුරු තුමියගේ තනතුරු නාමයෙන් නොව නමින් විභාගයට ගන්නා ලෙසට නියම කර ඇති බැවින්,තමන් ඉදිරියේ නඩුව ගැනීම සම්බන්ධයෙන් නැවත නියෝගයක් විත්තිකාර පාර්ශවය ලබාගත යුතු බවය.
ඒ අනුව මෙම නඩුව මාර්තු 26 වැනි දින නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයාඑදින තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විසඳුම ආණ්ඩුවට ශක්තියක් වෙලා හිරේ නොයා ඉඳීමයි.
අනේ ඔන්න ඕක එක සැරේ අවුරුදු හැටකට විතර කල්දාන්න. ඕක මාස තුනෙන් තුනට කල් දාන එකෙන් ඔබලාටත්වදේ. ඒ අයටත් වදේ. අපිටත් වදේ. අවුරුදු හැටකට පස්සෙ කොහොමත් ශශිත් නෑ, ඔයත්නෑ, අපිත් නෑ.
ඕනෑම විත්තිකරුවෙකුට තමන් කැමති මහේස්ත්‍රාත් කෙනෙක් ඉල්ලා සිටිය හැකිද? නැත්නම් එය දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට පමණක් ඇති විශේෂ වරප්‍රසාදයක්ද?