(ගයාන් සූරියආරච්චි)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (1) දා සිට විශ්‍රාම යාමට නිමිතව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
2022 වසරේ ජූනි 1 වැනිදා සිට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 8 වැනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ අතර 41 වසරක යුද හමුදාවට නොමැකෙන සේවයක් ඉටු කරනු ලැබීය.
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා ඉතිහාසයේ 23 වැනි හමුදාපතිවරයා ලෙස ද කටයුතු අතර ජනරාල් නිලයෙන් යුද හමුදාපතිවරයා ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙසත් කටයුතු කළ එකම නිලධාරියා ද විය.
දෙවන ලුතිතන්වරයකු ලෙස යුද හමුදා සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා මාණ්ඩලික, උපදේශන, අණදෙන සහ රාජ්‍ය තාන්ත්‍රික යන අංශවල කැපී පෙනෙන පත්වීම් ආවරණය කරමහින් ක්‍රමයෙන් උසස්වීම්වලට හිමිකම් කීය.
උතුරු නැගෙනහිර යුද සමයේ 58 වැනි සේනාංකය මෙහෙයවීම තුළින් ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය සාර්ථක ජයග්‍රහණයක් කරා රැගෙනයාමට හැකිවිය.
එමෙන්ම ඔහු ගජබා බළකාය, කමාන්ඩෝ බළකාය සහ විශේෂ බළකාය කර්නල් සේනාවිධායක ලෙසද, 58 වැනි බලකායේ සේනාංකාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් වන්නි මානුෂීය මෙහෙයුම 2009 වසරේදී ජයග්‍රහණය කරා රැගෙන එමින් ලංකාවට සාමය ගෙනදීමට දායකවූ යුද හමුදා නායකයකු ලෙස හැදින්විය හැකිය.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් අනතුරුව යුද හමුදාවේ ජනරාල් නිලයට උසස්වීම ලැබූ ලාබාලතමයා වූ ශවේන්ද්‍ර සිල්වා මහතාය.
2010 වසරේදී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සක්‍රීය සේවයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළේය.
2019 වසරේ ඇති වූ කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා ඇති කළ කොවිඩ් මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙසත් ,හරිත ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙසත්, යුද හමුදාවේ පදක්කම් 20 ක් ලබාගනිමින් දැනට වැඩිම පදක්කම් ලාභියා ලෙසත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ කීර්තියක් දිනාගෙන ඇත.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශවේන්ද හමුදාව සමු දෙයි
රාලහාමි Sunday, 29 December 2024 08:42 PM
කලක් දක්ෂ සෙන්පතියෙක්...! අවසාන කාලයේ පට්ට දූෂිතයෙක්!! අනාගතයේ හිරේ යෑමට නියමිතයි !!!
Buddika Sunday, 29 December 2024 08:47 PM
ලන්කාවේ බිහිවුණු විශිස්ඨ සෙන්පතියෙක් මෙන්ම යුද ජයග්‍රහණය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ සෙන්පතියෙක්. සුබ විශ්‍රාම දිවියක් ඔබට...!
Asela Sunday, 29 December 2024 10:01 PM
කට්ටිය හිටියා නම් ලෙඩ ඇඳට යනකම් ඔය පුටුවේ තමයි..
Ramani Sunday, 29 December 2024 11:47 PM
දැන් ඉතින් මයිනාගේ ගෙදර කුස්සියේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මයිනායි,මයිනියි දෙන්නාම ලබන අවුරුද්දේ බලු කූඩුවට දැම්මාට පස්සේ හන්දියක් හන්දියක් ගානේ බයිසිකල් එකකින් තනි රෝදෙන් සර්කස් පෙන්නන්න පටන් ගනීවි...!
M.dhammawansa himi Monday, 30 December 2024 12:03 AM
මම..., අගය කරන විශ්වාස කරන පුද දෙන චරිතයක්. ශවේන්ද්‍ර මැතිඳුගේ, චරිතය.. නිදුක් නිරෝගි චිර ජීවනයත් එතුමාගේ යහපත් පැතුමනුත් සඵල වේවා...! තෙරුවන් සරණයි...
මහින්ද රාජපස්ස Monday, 30 December 2024 06:07 AM
මම ඔබව අමතක කරන්නේ නැහැ පුතා. නමුත් දැන් මට තිබුණු යෝධ බලය ඉවරයි. එහෙමයි කියලා ඔබව අත හරින්නේ නැහැ මම. හෙට ඉඳලා මගේ ගෙදර ඉන්න චිචියගේ බල්ලෝ ටික නාවලා, උන්ට කවලා පොවලා, ඇවිද්දවන එක ඔබට බාරදෙනවා. දවසකට රුපියල් 500ක් ගෙවන්නම්...
rasendra Monday, 30 December 2024 06:38 AM
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කියන්නේ මේ කාලයේදී රටට අනවශ්‍ය තනතුරක්. දැන් ඔය තනතුරට කිසි බලයක් ඇත්තෙත් නැහැ. නමුත් නඩත්තුවට මසකට මිලියන ගණනක් වියදම් වෙනවා. එනිසා මේ රජය ගත්තු ඉතා කාලෝචිත තීරණයක් කියා කියන්න පුළුවනි. ඒ වගේම හමුදාවල සිදුවන තේරුමක් නැති මුදල් නාස්ති වළක්වන්නත් රජය කටයුතු කරාවි යයි මහජනතාව බලා සිටිනවා. මේ ආයතනවල වාහන අවභාවිතය තදින්ම සිදුවන බව ප්‍රසිද්ධ රහසක්නේ...
බක්මී්ගොල්ල Monday, 30 December 2024 08:30 AM
ලක්මෑ ණියන්ගේ අභීත විරු දරුවෙක්. රට වෙනුවෙන් කළ අනුපමේය සේවයට අප ඔබතුමාට ගෞරවය පුදකරමු.
Nimal Monday, 30 December 2024 10:31 AM
බොහොම ස්තුතිය සර් ඔයාගේ සේවාවට
fairoos Monday, 30 December 2024 11:06 AM
සුබ විශ්‍රාම දිවියක් සර්
පිටිගල මිලානෝ Monday, 30 December 2024 12:39 PM
අරගලයට විරුද්ධව අවියක් ඔසවන්නේ නැතුව ඉන්න තරම් ඔබ නිර්භීත විය. ඒ නිසාම රාජපක්ෂලා ඔබට වෛර බැන්දා….
ජයනාත් Monday, 30 December 2024 04:23 PM
ෆොන්සේකා වගේ දේශපාලනයට නම් එන්න එපා... ඔබ රට වෙනුවෙන් කළ සේවය උදාරයි... සදා නොමියෙන වීරෝධාර සටන්කාමියෙක්.. දීර්ඝායු ලැබේවා...!