(මනෝ ප්‍රිය ගුණසේකර)
ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කෙරෙහි අධි චෝදනා පත්‍ර භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම ක්ළේය.
ශල්‍යාගාර විදුලි ලාම්පුවක තිබිය යුතු අවම පිරිවිතර පටහැනිවන ආකාරයට ශල්‍යාගාර විදුලි ලාම්පු තිස්පහක් මිලදී ගැනීම සඳහා ආයතනයක් නිර්දේශ කිරීමෙන් විත්තිකරු අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන දූෂණය නැමැති වරද කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
මීට වසර නවයකට පෙර එනම් 2015 වසරේදී මෙම වරද කළ බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාය.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවාට අධි චෝදනා
Lalla Wednesday, 18 December 2024 08:26 AM
ලංකාවේ ලොකුම ජරාව කන්නේ බොහෝ ආයතන වල ඉන්ජිනේරුවෝ සහ පරිගණක අංශ ලොක්කෝ.... සාමාන්‍ය අයට දිය නොහැකි භාණ්ඩ හා සේවා සැපැයීම පිණිස කරන නිර්දේශ කිරීම් සහ ඉදිකිරීම් පිණිස ගෙවීම් අනුමත හරහා... වසර කීපයකින් කඩාවැටෙන ගොඩනැගිලි හරියට වැඩ නොකරන පරිගණක පද්ධති මේවා රාජ්‍ය ආයතන, රෝහල්, ගොඩනැගිලි එහෙම ප්‍රසිද්ධ කරුණු... කැලණිය පැත්තේ රාජ්‍ය බැංකුවක මූලස්ථානයකුත් ගර්හිත තත්ත්වයේ පවතින බව කතාවක් තියෙනවා.
Rama - Athurugiriya Thursday, 19 December 2024 10:34 AM
බරපතළ වංචා දුෂණ ගොඩක් කරන්නේ උගත් යැයි සම්මත පිරිසක් විමයි