
(යොහාන් භාසුර)
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් “ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වේ.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව සම්මාන උළෙල සංවිධානය කළේය.
දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නූතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් මෙහිදී ඇගයීමට ලක් කළ අතර විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන අංශ 21ක් යටතේ නිර්මාණ තෝරා ගන්නා ලදී.
නිර්මාණ 8,000ක් අතරින් පළාත් මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයන්ට රිදී සම්මාන පිරිනැමීය.
ජාතික මට්ටමින් සාම්ප්‍රදායික හා නූතන කලා අංශයන්ගෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙක් එහිදී ජනාධිපතිවරයා අතින් “ස්වර්ණ සම්මාන” ලැබුහ.
හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළ ශිල්පීන් සඳහා ජීවිත කාලයටම බල පැවැත්වෙන මාසික මූල්‍යාධාර ලබාදීම සංකේතවත් කරමින් ශිල්පීන් දෙදෙනෙකු සඳහා ආධාර ප්‍රදානය, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතින් සිදු කෙරිණ.
අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දෙමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීමට කොවිඩ් වසංගතය හමුවේ වුව ද තම අමාත්‍යාංශය කටයුතු කළ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.
තාක්ෂණය, ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්කරුවන්ට දේශීය හස්ත නිර්මාණ මිලදී ගැනීමේ ක්‍රියාදාමය ඇති කිරීමට හැකි වීම නිර්මාණකරුවන් ලද විශේෂ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පැවසීය. සම්මාන උළෙල තේමා කරගනිමින් නිර්මාණය කෙරුණු මුද්දරයක් සහ මුල්දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
අමාත්‍ය විමල් වීරවංශ, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිල්පීන්ගේ නිර්මාණවල පින්තූර බලන්න ආවේ.
හොඳ මල් මල් චීත්තයක් තියනවා නම් ඔය දැරිවිට අන්දන්න දරුවෝ
විමල් ඇමැතිතුමාත් ඇවිල්ලා... සර් එක්ක ඉදිරියටම යමු... රට වනසමු.
ඕවායේ ආලේප කරන තීන්තවල රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා රජකාළේ භාවිතා කරපු ස්වදේශීය "කාබනික" වර්ණ භාවිතා කරන්න කියයිද දන්නේ නෑ.