(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට සිංහල භාෂාවෙන්ද ලබාදෙන්නැයි පත්කළ මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා (ශ්‍රී.පො.පෙ) කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට ලබාදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් එම තීරණ මවු භාෂාවෙන් ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම එලෙස කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීමකැයිද කුමාරතුංග මහතා පැවසුවේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි ඒ පිටපත කෙලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ගෙවිඳු කුමාරතුංග මහතා:
අධිකරණ ඇමතිතුමා ඒක කරන්නෙ නැත්නම් ඔබතුමා හරි නිලධාරීන් මාර්ගයෙන් සිංහල පිටපතක් ලබා දීමට කටයුතු කරන්න. විසිවෙනි සංශෝධනය සහ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මේ සභාවට දැනුම් දුන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:
අපි ඒක සාකච්ඡා කරලා විසඳා ගනිමු.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා:
අපි ඉදිරිපත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පිටපත. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නම්.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:
කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පසුගිය ජූලි මාසයේදී මේ සභාවට ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එය හොර පාරෙන් අධිකරණයට ගිහින් එනකම් අපි දන්නෙ නෑ මොකක්ද වෙන්නේ කියලා. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල භාෂාව පාවිච්චි කරන මිනිස්සු. අධිකරණ ඇමතිවරයාට අවශ්‍ය ගේම් ටික ගහ ගන්නයි මෙහෙම වැඩ කරන්නේ. කොරෝනා වසංගතය අස්සෙ ආණ්ඩුව වෙන ගේම් ගහනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනි සිංහල ආණ්ඩුව .අයියෝ 69 ලක්ශේ ගොන්නු !
විමල් ,ගම්මන්පිල ඔබලා කෝහෙද ?
සුද්දා මේ රට දාලා නොගියා නම් මේ වෙද්දි ලංකාව ලෝකයේ ඉහල තැනක තියෙන රටක්
ලංකාවෙ නඩු ඇහුවට උසාවි තවම සුද්දගෙ.
සිංහල භාෂාව පවතින ලෝකයේ එකම රට අප නිසා සිංහල භාෂාව පමණක් භාවිතා කරන ඉහළ අධිකරණයන්ද තිබුණේ නම් හොඳයි.. ඒ වගේම දෙමළ භාෂාව භාවිතා කරන ඉහළ අධිකරණයන් ද ඇති වන්නේ නම් හොඳයි. ඉහළ තීන්දු සිංහලයට පරිවර්තනය කිරීම් නව නීති වාර්තා අතර පෙර කල තිබුණා.
මොන තරම් ඉහළ ගියත් වැඩක් ඇද්ද? අපිට වැරදුනේ සුද්දා ගිය නිසා නෙවෙයි, සුද්දාගෙන් පස්සේ රට කරපු උන් නිසා සහ සුද්දා ඇතිකරලා ගිය ප්‍රශ්න නිසා.
මේක ශ්‍රී ලංකාව... හැම දෙයක්ම සිංහල හා දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ.. සුද්දෝ ගිහිල්ලා කොයිකාලේද? තවමත් බැරිවුණා අපේ ක්‍රමයට රට කරන්න.
දැන් ඔය පනත් සම්මත කරගන්න කොට අත උස්සන ඔක්කොම ඉංග්‍රීසි දන්නවා කියලා හිතන් හිටියේ...
මේ ගොයියෝ මෙච්චර කල් එහෙයි කිය කිය අත උස්සලා තියෙන්නෙ තේරෙන්නේ නැතිව ද?
රටක පාලකයා සහ මුදල් ඇමැති, කොරෝනා මර්ධන බලකායේ සභාපති ඇතුළු විශාල තනතුරු ගණනාවක් ඩුබ්ලිකේට් ඇමෙරිකන් කාරයින් දරන කොට, එම රටේ ශ්‍රේෂ්ඨාධිකරණය යම් වාර්තාවක් ඉංග්‍රීසියෙන් දුන්නා කියලා කලබල වෙන්න දෙයක් නෑ. බයියන් කලබල වුණාට ලොකු සර් කලබල වෙන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුල පමණක් නොව පිටතදීත්,සිංහල භාෂාවෙන් වැඩ කල යුතුයි.අධිකරණ තුල නඩු විමසීමේදී විනිසුරැවන් ඉංග්‍රීසි භෂාව භාවිතා කිරීම අවම කල යුතුයි.