IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි

(ආරියරත්න රණබහු)

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එහි සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සන්ධානයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මධ්‍යය වෙත අදහස් දක්වමිනි .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සන්ධානගත වී මැතිවරණයට තරග කළ බැවින් ඒ අනුව ලැබී ඇති මන්ත්‍රි සංඛ්‍යා වෙන් එකක් තම පක්ෂයට ලැබිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද එක්ව සිටියේය.

 



අදහස් (17)

ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි

ranjith Sunday, 24 November 2024 05:45 PM

කිරි කලේට තවත් ගොම තලියක් වැටෙන්න හදන්නේ...

:       79       64

sugath Sunday, 24 November 2024 06:29 PM

ආ...! සිරිපාල කාලෙකට පස්සේ. දැන් කොහොමද?

:       1       69

ගමේ එකාලා Sunday, 24 November 2024 06:31 PM

එහෙට මෙහෙට හේත්තු වෙවී සදහටම බලයේ ඉන්න හදපු, බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි කෙනෙක් කියන කතා...!

:       78       61

බණ්ඩා Sunday, 24 November 2024 07:03 PM

මේ වගේ හොර තක්කඩියෙකුට පාර්ලිමේන්තු යන්න ඔය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න එපා. කරුණාකර කාංචන වගේ විපක්ෂයට හයියක් වෙන්න පුළුවන් තරුණයෙක්ට ඒ ආසනය දීලා අවම සදාචාරයවත් පෙන්නන්න. මේ වගේ එක්ස්පයර් වුණු සෙට් එකක් නැවත කොහොමටත් එපා...!

:       124       97

සුගත් දිසානායක Sunday, 24 November 2024 07:46 PM

කොහොමත් අර චාමර වගේ කෙනෙක් යවපු වෙලාවේ බදුල්ලේ මිනිස්සුන්ට තිබුණා මේ මනුස්සයා යවන්න. අපිත් මාලිමාවට ඡන්දය දුන්නත් මේ මනුස්සයා තමයි බදුල්ල මහ රෝහල ඔය තැනට ගෙනාවේ. මහරගම යන්නේ නැතිව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පිළිකා ඒකකයක් දන්ත වෛද්‍ය ඒකකයක් බදුල්ලට ලබාදීම ලොකු පිනක්...

:       25       64

Priyantha Dissanayake Monday, 25 November 2024 12:55 AM

ඇති එහෙමවත් දෙයක් කළා නම්. නමුත් ඒවා පුද්ගලිකව හම්බ කරපු හෝ පාරම්පරිකව හිමිවූ ධනය වියදම කර සිදුකළ දේවල් නොවෙයි. අපේ රටේ අපේ බදු මුදල් වැය කළ දේවල්. අනෙක එයාලා මොනතරම් වර්ප්‍රශාද, නිල සහ නිල නොවන ආකාරයෙන් භුක්ති වින්දාද? ජනතාව ඉතාමත් හොඳ පාඩමක් උගන්නලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ සිටි අය අතරත් ඉතාමත් පහත් මනුස්සයෙක්... මෙයා කිසිම ප්‍රතිපත්තියක් නැහැ, කරන කථාවල ගන්න කිසිම හරයක් නැහැ. වයසට යනකොටවත් ටිකක් හැදෙන්න ඕන. එහෙම නැහැ. රනිල් මහත්තයා එක්කලා අපට ප්‍රශ්න තිබෙනවා නමුත් එතුමා කරපු හොඳ දේවල් කොච්චර තිබෙනවාද? ඒ මනුස්සයාට මොනතරම් බැන්නද, නින්දා අපහාස කළාද? දෛවෝපගත සිදුවීම අන්තිමේ එතුමාගේ ළඟට ගිහිල්ලා පිහිට පතන්න වුණා. ගුණකියන්න වුණා. ලොකු සැනසිල්ලක් මෙවන් අය පාර්ලිමේන්තුවෙන් සේදී යාම...

:       0       2

චතුරිMonday, 25 November 2024 02:10 AM

සුගත්. පිළිකාවට බෙහෙත් ගන්න මහරගම නොගිහින්. ඔයාට ගමෙන් ඉස්පිරිතාලයක් හදලා දුන්නේ. මේ බකමූණාද. මොවුන් එකතුවෙලා වස විස ගෙනත්. මිනිසුන්ට කන්න බොන්න දීලා ජනතාවගේ මුදලින් රෝහල් හදලා දෙන්නේ. නැතුව මේ පින්ගුත්තරයාගේ මුදලින් නෙමේ. මේ සේරම රටේ කෑම කනවා නම් ඇයි මොවුන්ට පිළිකා නැත්තේ. අනිත් රෝගත් කිසිවක් මොවුන්ට නැහැ... කාලකන්නි තවත් බලන්නේ. ආණ්ඩුව පෙරලලා බලය අතට ගන්න. හිතන් ඇති. බලය ගන්න වරප්‍රසාද ගන්න. කොහොමහරි. ඇතුළට රින්ගා ගන්න. මොවුන්ට දෙන තේවතුර එකත් නතර කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ... ගොබ්බයින්ට අඩු නැතිව බඩ තියෙනවා. මොලේ කළඳක් නැහැ...

:       0       3

samMonday, 25 November 2024 03:53 AM

මෙයා බොරුවට මාලිමාවට ඡන්දෙ දුන්නලු. මේක හොර , කොට කොමිස් හොරාගේ කෙනෙක්. සුගත් සිරිපාල කියලා නමත් දාගන්න. ලැජ්ජා නැද්ද මේ සිරිපාලට කඩේ යන්න...?

:       0       2

Anka’na Monday, 25 November 2024 07:18 AM

නොදන්න කතා කියන්න එපා පිලිකා ඒකකේ ඩොනේසන් එකක් දැකල නැත්තන් ගිහිම් ඒකේ සමරු පලකය බලන්න

:       0       8

ජයනාත් Sunday, 24 November 2024 08:01 PM

රට විනාශ කරපු තවත් කෙනෙක්. ගාල්ල මාතෘ රෝහලට ලැබුණු සල්ලි වලට වෙච්චි දෙයක් අදටත් දන්නේ නැහැ. ආයේ මොන බම්බුවකටද එන්නේ?ගෙදරම නවතින්න...

:       0       2

saki Sunday, 24 November 2024 09:11 PM

දෙයියන්ගේ හාල් කාපු එවුන් එමටයි

:       0       2

Ruwan De Silva Sunday, 24 November 2024 10:27 PM

සුගත් දිසානායකට අමතකද කොමිස් ගහපුවා? මතකද ජපන් ව්‍යාපෘති ඔක්කොම නැවතුණා? මම හිතන්නේ මෙයා වගේම ඔයාගේත් මස්තිෂ්ක හරියට වැඩ කරන්නේ නෑ වගේ, හැබැයි වාසියට, වංචාවට නම් මොළය වැඩ කරනවා, අනිත් වෙලාවට නිදියි. මෙයාලාගේ මොළයට අනතුරක් වුණා නම් ඇයි වාසි වෙලාවට ඇහැරිලා ඉන්නේ? කොමිස් ගහන්නේ?

:       0       2

Priyantha Dissanayake Sunday, 24 November 2024 10:35 PM

ඔව් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෑ. කිසිම ලජ්ජාවක් හිරිකිතයක් නැතිව. ඇයි දුන්නේ නැති නම් මොනවා කරන්නද..? කොහොම හරි යවන්න ඕනෑ. පසුගිය කාලය පුරාවට රටට දැයට මොනතරම් සේවාවක් කළ උතුමෙක්ද? අනිවාර්යයෙන්ම ඔය කරලා ඉතිරි වූ කොටස ඉවරකරන්න ඔය දඟලන්නේ...

:       0       2

Kirthi Monday, 25 November 2024 06:35 AM

මේ කඩෆ්ෆුලියා මහනුවර මහ රෝහලේ හෙදියක් සමග නිර්වස්ත්‍රව ඉදලා අහුවෙලා ගුටි කන්න ගියා. ඔන්න කෙරුවාව!

:       0       5

බකල ජයා Monday, 25 November 2024 07:50 AM

මේ හිටපුතුමාට බනින්න එපා. එතුමා නිදාගන්න තැනක් හොයනවා :)

:       0       9

සොම්බියා Monday, 25 November 2024 08:38 AM

ආ පැටියෝ, දැන් කොහොමද

:       1       6

විපරමා Monday, 25 November 2024 05:59 PM

බෝනස් මන්ත්‍රී වෙන්න ඕනෑ වෙලා. දුවලා පැනලා වැඩ කරන්න බැරි වයසක ඉන්න හින්දා ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියලා හිතිලා වෙන්ඩැති. නිවාස ඇමැති කාලේ සිමෙන්ති මුට්ට ගණන් ගිහිල්ලාලු.. ප්‍රවාහන ඇමැතියා කාලේ ඡන්ද රැස්වීම් වලට පිනට ලන්ගම බස්වලින් සෙනඟ ඇදලා කෝට් කෝටි ගණන් පාඩු කෙරුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site