(නාලක සංජීව දහනායක)
නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සාකච්ඡා අතරමඟ නතරකර දමා පැනයාමට තම පක්ෂය සූදානම් නැති අතර එම සාකච්ඡා ඉදිරියටත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මහතා අද (8) පැවැසීය.
පැස්බරා වැලිගොඩක ඔළුව සඟවා ගන්නා සේ ප්‍රශ්න හමුවේ සැඟවී සිටීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බව කී මහාචාර්ය පීරිස් මහතා ඇතිවී තිබෙන බැරෑරුම් ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියටත් සාකච්ඡා කරන බවද කීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය ඡන්දය වර්ජනය කිරීම ඉතාම බරපතල කාරණයක් යැයි කී මහාචාර්යවර ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන තුන්වැනි සාකච්ඡාව අනිද්දා (10) කොළඹ-07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද නැතුව ඔබතුමාගේ පක්ෂයෙන් මොන ජගතා දැම්මත් දිනන්න බැහැනේ. එකනේ ඔබතුමා පොහොට්ටුවේ මුල් පුටුවේ ඉන්දවලා කප්පිත්තා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඉන්නේ. ඒ වැඩේ නියම කල්පිතය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ආපහු ලබාගැනීම බව මහාචාර්යතුමෙකුට වැටහී නැතැයි කියනවානම් ඒක තමා මේ ශතවර්ෂයේ ඇහුන ලොකුම විහිලුව.
ශ්‍රීලනිප සාකච්ඡාවට ආවේ මෛත්‍රී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා කරගන්න. දැන් ඉතින් රාජපක්ෂ අපේක්ෂකත්වයට තෝරාගෙන නිසා මේ සාකච්ඡා වැඩිදුර යන්නේ නැහැ. මෛත්‍රී දැන් ආපහු ටිකටික යූඑන්පීයට කිට්ටු කරනවා.
රාජපක්ෂ පවුල ගොඩනැඟීම සදහා උර දී ඉන්න ඔබ, ඔබේ නම බේරාගෙන ගෙදරට වෙලා හිටියා නම් වඩා හොඳයි.
සාකච්ඡා කරන්න දෙයක් ඉතිරිවෙලා තියෙනවද?
මහාචාර්ය පදවියකුත් තියාගෙන විඳින දුකක්. මේවා තම තමන් රැගෙන එන කර්ම ඉතින් ගෙවන්නම වෙනවා ..
දෙපාර්ශ්වයම කරන්නේ උගුරට හොරා බෙහෙත් බොන එකයි…ඒ කියන්නේ දෙගොල්ලන්ගේම හිත යට අරමුණ 'අනිකාගේ උදව් අරගෙන මම ගොඩ වෙන්නම්' කියන එකයි…..ඔය දෙගොල්ලටම මීට පස්සෙ ගොඩ එන්න බැහැ…කොටින්ම ,ශ් රීලනිප - පොපෙ හරියන දීගයක් නෙවෙයි…...එජාපෙ වට්ටන්න නම් වෙන මගක් සෙවිය යුතුයි…....එවැනි මගක් පේන තෙක් මානෙක නම් නැහැ...අහම්බයක් සිදුවුනොත් මිස….
අනේ අපොයි, නතර කරන්න එපා , දිගටම කරගෙන යන්න . ජනතාව ඉන්නවානේ හැම බරක්ම උහුලන්න .