IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට ගන්න පෙර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සොයයි

අංජුල මහික වීරරත්න‍
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කරුවන් කුමන්ත්‍රණකරුවන් කිසිවෙකුත් නව රජයට එකතු කර ගන්නේ නැතැයි ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.


නව රජයේ ඇමැති මණ්ඩලය 30කට සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය 40කට සීමා කිරීමට උපරිම උත්සාහය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඇමැති සංඛ්‍යාව 35 දක්වා ඉහළ දමන්නට සිදු වුවහොත් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් එය කරන්නට හැකියාව තිබෙන බවද පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 ක පමණ කණ්ඩායමක් රජයට එක් වීමට සාකච්ඡා කර ඇතත්  කණ්ඩායමක් ලෙස එම පිරිස ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇති අතර තනි තනිව එන අය සම්මුඛ පරීක්ෂණයකට ලක් කර රජයට එක්කර ගැනීමට හැකියාවක් තිබෙන බව කීය.


කොළඹ අරලියගහ මන්දිරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (17)

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට ගන්න පෙර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සොයයි

ගල්කටස් Monday, 17 December 2018 09:38 AM

පොරක් කියලා හිතන් මේ වගේ හිඟන ⁣ටෝක්ස් දෙන කොටත් පක්ෂෙ මාරු කරන අයවලුන් නම් දේශපාලන භුමිකාවේ බංකොළො‍ත් වූ අයයි. කෙසේවෙතත් පක්ෂ මාරු කරන්නන් හා දූෂිතයින් රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. ලබන මැතිවරණයකදී ජනතාව එ සඳහා පෙළ ගැසිය යුතුයි.

:       18       564

NishanMonday, 17 December 2018 11:55 PM

දෙපත් නයි එපා. ගිය ආණ්ඩුව විනාශ කලේ ඔවුන්...

:       0       0

sirimal Monday, 17 December 2018 09:59 AM

අද රටේ තත්වය ගැන අන්තර්ජාලයේ තිබු සටහනක් මෙසේය. "නීත්‍යනුකුල අගමැති නොවූ, ව්‍යවස්ථාදායකයෙන් මෙන්ම අධිකරණයෙන්ද තමන්ට එම තනතුර දැරීමට හිමිකමක් නොමැති බවට ඔප්පු වූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘ඉල්ලා අස්වීම’ මගින් ලැබුනේ ජයග්‍රහණයක්ද? නැති නම්, “225ම කිව්වත් රනිල්ව නම් පත් කරන්නෙම නැහැ” යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වහසි බස් දොඩමින් සිටි ජනාධිපති අන්තිමේදී අගමැති ලෙස දිවුරුම් දෙන ලෙස රනිල්ටම ආරාධනා කිරීම ජයග්‍රහණයක්ද? මෙය ජයග්‍රහණයක් ලෙස සිතන්නේ නම්, එය මුලාවකි. මෙය මිරිඟුවකි. ප්‍රඥාවන්තව කටයුතු නොකරන්නේ නම් එය බොරු වලක් විය හැකිය. එජාපෙ නායකයන්ද ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ මෙම දැවැන්ත අරගලයට දායක වූ සියලු පුරවැසි සංවිධානද මෙම ‘ක්ෂණික ජයග්‍රාහී ’මොහොතේ මායාවට හසු නොවී සැබෑව තේරුම් ගත යුතුයි. එය රට ශීලාචාර කිරීමේ, ශිෂ්ට සම්පන්න කිරීමේ, නීතිගරුක කිරීමේ දැවැන්ත අරගලයක ජවය කරගත හැක්කේ එවිටයි. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි එහා මෙහා කිරීම සඳහා අනීතිකව යොදා ගන්නා ලද රුපියල් කෝටි 500 ඉක්මවූ අල්ලස් දීමේ උත්සාහයන් යුක්තිසහගත කරමින් කතා කළ කෙනෙකුට තවත් නොකළ හැක්කේ කුමක්ද?

:       12       224

sirimal Monday, 17 December 2018 10:01 AM

කළුවරේ ඇද වැටුණු වලට මහ දවාලේ හිතාමතාම පනින්නයි හදන්නේ...

:       0       52

Shantba Qatar Monday, 17 December 2018 10:01 AM

අපිට නම් දැන් කොහොමත් එකයි. පාර්ලිමන්ට් ජෝක්ස් බලලා ඇතිවෙලා ඉන්නේ..

:       0       168

indra Monday, 17 December 2018 10:02 AM

පරිස්සමෙන් ඉදිරියට කාව එකතු කර ගත්තත් ඔබලා නටන්නේ මේ වසර පමණයි. එන්න බලාගෙන ඉන්න අය පව්..., ජනතාව නිහඬව ඉන්නේ ඔබලා හොඳයි කියා නොවේ. බුද්ධිමතුන් ලෙස බුද්ධිමත් තීරණයක් දීමටයි. පාරේ නැටුවා බහුතරයක් තියා ගත්තේ කොහොමද කියලා දන්නවා..

:       1106       1118

Raveendra Monday, 17 December 2018 10:14 AM

මේ හාදය පුදුම විදියට ඇඳලා ඉන්නේ නේද?

:       196       609

senaaMonday, 17 December 2018 02:38 PM

මෙයා පඩි කතා තමා කරන්නේ... ඒත් කී කලකටද? පළාතේ ඡනතාව බලා ඉන්නෙත් සලකන්න තමා...

:       8       132

gunarathnaMonday, 17 December 2018 03:30 PM

මෙයත් රනිල්ගේ සමනල පරපුරේ කෙනෙක්ද දන්නේ නැහැ..

:       11       39

mangala Monday, 17 December 2018 10:19 AM

අවුරුද්දක් ඉන්නකෝ, ගෙම්බන්ට වැඩේ දෙන්න...

:       207       322

sampath pathirana Monday, 17 December 2018 10:28 AM

මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මෙසේද විය හැකිය. උසනම් සිකියුරිටි මිටි නම් කම්කරු...

:       52       317

dias Monday, 17 December 2018 11:26 AM

මේ අය තමන්ගේ ගොඩ වැඩි කරගන්නට යනවා. රටේ මිනිස්සු හිඟා කනවා.

:       4       120

Dewa Monday, 17 December 2018 11:43 AM

මේක තමයි ඔයාලට දෙන අන්තිම චාන්ස් එක... හොරුත් අරගෙන යන්න හැදුවොත් ඊළඟ සැරේ අපි නරකයි කියන්න එපා හරියැ...

:       75       182

Jaya Monday, 17 December 2018 01:24 PM

අනේ මන්දා මේ මනුස්සය කහින විදියට අඩුම ගානේ කැබිනට් ඇමතිකමක්වත් ලැබෙන්න ඕනෑ.

:       7       33

RaveendraMonday, 17 December 2018 03:40 PM

එ් කිව්වේ ණයට කහින සංස්ථාව අදාළ දෙපාර්තුමේන්තුව අයත් ඇමති කමක්ද? නැත්නම් කාන්තා පක්ෂය ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව අදාළ ඇමතිකමද?

:       3       18

upasena Monday, 17 December 2018 09:07 PM

ගියපු 16 දෙනාගෙන් එකෙක්වත් ගන්න එපා. ඒ අය කොයි ආණ්ඩුව ආවත් රිලව් වගේ එහාට මෙහාට පැනලා පොර ටෝක් දෙනවා...

:       0       0

Ramendra Tuesday, 18 December 2018 04:29 AM

බලය ගත්ත ගමන් මෙයාගේ සද්දේ වැඩිවුනා, ඊයේ මාධ්‍ය සාකච්චාවේදී අපි දැක්ක, නැවත ගමන ගැන හිතාගන්න පුලුවුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 300 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 77 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 287 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 706 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 401 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 708 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1394 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site