අංජුල මහික වීරරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කරුවන් කුමන්ත්‍රණකරුවන් කිසිවෙකුත් නව රජයට එකතු කර ගන්නේ නැතැයි ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
නව රජයේ ඇමැති මණ්ඩලය 30කට සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය 40කට සීමා කිරීමට උපරිම උත්සාහය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඇමැති සංඛ්‍යාව 35 දක්වා ඉහළ දමන්නට සිදු වුවහොත් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් එය කරන්නට හැකියාව තිබෙන බවද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 ක පමණ කණ්ඩායමක් රජයට එක් වීමට සාකච්ඡා කර ඇතත් කණ්ඩායමක් ලෙස එම පිරිස ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇති අතර තනි තනිව එන අය සම්මුඛ පරීක්ෂණයකට ලක් කර රජයට එක්කර ගැනීමට හැකියාවක් තිබෙන බව කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරක් කියලා හිතන් මේ වගේ හිඟන ටෝක්ස් දෙන කොටත් පක්ෂෙ මාරු කරන අයවලුන් නම් දේශපාලන භුමිකාවේ බංකොළොත් වූ අයයි. කෙසේවෙතත් පක්ෂ මාරු කරන්නන් හා දූෂිතයින් රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. ලබන මැතිවරණයකදී ජනතාව එ සඳහා පෙළ ගැසිය යුතුයි.
අද රටේ තත්වය ගැන අන්තර්ජාලයේ තිබු සටහනක් මෙසේය. "නීත්‍යනුකුල අගමැති නොවූ, ව්‍යවස්ථාදායකයෙන් මෙන්ම අධිකරණයෙන්ද තමන්ට එම තනතුර දැරීමට හිමිකමක් නොමැති බවට ඔප්පු වූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘ඉල්ලා අස්වීම’ මගින් ලැබුනේ ජයග්‍රහණයක්ද? නැති නම්, “225ම කිව්වත් රනිල්ව නම් පත් කරන්නෙම නැහැ” යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වහසි බස් දොඩමින් සිටි ජනාධිපති අන්තිමේදී අගමැති ලෙස දිවුරුම් දෙන ලෙස රනිල්ටම ආරාධනා කිරීම ජයග්‍රහණයක්ද? මෙය ජයග්‍රහණයක් ලෙස සිතන්නේ නම්, එය මුලාවකි. මෙය මිරිඟුවකි. ප්‍රඥාවන්තව කටයුතු නොකරන්නේ නම් එය බොරු වලක් විය හැකිය. එජාපෙ නායකයන්ද ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ මෙම දැවැන්ත අරගලයට දායක වූ සියලු පුරවැසි සංවිධානද මෙම ‘ක්ෂණික ජයග්‍රාහී ’මොහොතේ මායාවට හසු නොවී සැබෑව තේරුම් ගත යුතුයි. එය රට ශීලාචාර කිරීමේ, ශිෂ්ට සම්පන්න කිරීමේ, නීතිගරුක කිරීමේ දැවැන්ත අරගලයක ජවය කරගත හැක්කේ එවිටයි. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි එහා මෙහා කිරීම සඳහා අනීතිකව යොදා ගන්නා ලද රුපියල් කෝටි 500 ඉක්මවූ අල්ලස් දීමේ උත්සාහයන් යුක්තිසහගත කරමින් කතා කළ කෙනෙකුට තවත් නොකළ හැක්කේ කුමක්ද?
කළුවරේ ඇද වැටුණු වලට මහ දවාලේ හිතාමතාම පනින්නයි හදන්නේ...
අපිට නම් දැන් කොහොමත් එකයි. පාර්ලිමන්ට් ජෝක්ස් බලලා ඇතිවෙලා ඉන්නේ..
පරිස්සමෙන් ඉදිරියට කාව එකතු කර ගත්තත් ඔබලා නටන්නේ මේ වසර පමණයි. එන්න බලාගෙන ඉන්න අය පව්..., ජනතාව නිහඬව ඉන්නේ ඔබලා හොඳයි කියා නොවේ. බුද්ධිමතුන් ලෙස බුද්ධිමත් තීරණයක් දීමටයි. පාරේ නැටුවා බහුතරයක් තියා ගත්තේ කොහොමද කියලා දන්නවා..
මේ හාදය පුදුම විදියට ඇඳලා ඉන්නේ නේද?
අවුරුද්දක් ඉන්නකෝ, ගෙම්බන්ට වැඩේ දෙන්න...
මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මෙසේද විය හැකිය. උසනම් සිකියුරිටි මිටි නම් කම්කරු...
මේ අය තමන්ගේ ගොඩ වැඩි කරගන්නට යනවා. රටේ මිනිස්සු හිඟා කනවා.
මේක තමයි ඔයාලට දෙන අන්තිම චාන්ස් එක... හොරුත් අරගෙන යන්න හැදුවොත් ඊළඟ සැරේ අපි නරකයි කියන්න එපා හරියැ...
අනේ මන්දා මේ මනුස්සය කහින විදියට අඩුම ගානේ කැබිනට් ඇමතිකමක්වත් ලැබෙන්න ඕනෑ.
ගියපු 16 දෙනාගෙන් එකෙක්වත් ගන්න එපා. ඒ අය කොයි ආණ්ඩුව ආවත් රිලව් වගේ එහාට මෙහාට පැනලා පොර ටෝක් දෙනවා...
බලය ගත්ත ගමන් මෙයාගේ සද්දේ වැඩිවුනා, ඊයේ මාධ්‍ය සාකච්චාවේදී අපි දැක්ක, නැවත ගමන ගැන හිතාගන්න පුලුවුන්.