
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බවත් එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් මාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැදවීමේ පූර්ණ බලය පක්‍ෂයේ සභාපතිවරයා සතු බවත් දිසා අධිකරණයෙන් දී ඇති වාරණ නියෝගය යටතේ පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කරන ඕනෑම පත්වීමක් අධිකරණ තීන්දුවට අනුව වියයුතු බවත් වැඩබලන ලේකම්වරයා කීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති අවසන් දේශපාලන මණ්ඩල රැස්වීමට ද සහභාගී වී තිබියදී මෙවැනි නීති විරෝධී රැස්වීමක් කැඳවා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නීතිමය රාමුව තුළ අධිකරණ නියෝගය මත කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධීයි
Elapatha Monday, 08 April 2024 05:10 PM
නිමල් සිරිපාල කියන්නේත් නීතිවේදියෙක් කියලා අහල තියෙනවා.. ඒක ඇත්ත නම් ඔහු ජ්‍යේෂ්ඨ නීතීවේදියෙක් වෙන්න පුළුවන්.. එහෙම කෙනෙක් නීතියට පිටින් වැඩ කරාවි කියලා හිතන්න බැහැ...