(ඩයනා උදයංගනී)
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප්‍රදේශයේ ගොඩ නගා ඇති ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීම වෙනුවෙන් ගෙන යන සටනේදී හිතවත්කම් පසෙක දමා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
මේ සඳහා හිස්බුල්ලා මහතා ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ පවුලේ අය විශාල මුදලක් ආයෝජනය කර ඇති බව පෙනෙන්නේ යැයි කී තිලංග සුමතිපාල මහතා එම වැය කළ මුදල් සොයා දී හෝ විශ්වවිද්‍යාලය රජයට පවරා ආරක්ෂක විද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.
තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි ‘පරිවර්තන කේන්ද්‍රයේ’ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සඳහා වන යෝජනාවක් තමන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව කී සුමතිපාල මහතා එය කඩිනමින් විවාදයට ගෙන සම්මත කිරීමට සහය දෙන ලෙස තමන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇතැයි ද කීවේය.
එමෙන්ම මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීම සඳහා බල කෙරෙන අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව කී සුමතිපාල මහතා ඒ වෙනුවෙන් දැනටමත් අත්සන් ලක්ෂ 7ක් පමණ ලැබී ඇතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගන්න බව අගමැතිවරයා කියා තිබියදීත් තිලංග සුමතිපාල පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි ‘පරිවර්තන කේන්ද්‍රයේ’ සිට අනවශ්‍ය සටනක් දියත්කර තිබෙන්නේ කුමක් අරභයාද? සමාජය යළිත් කුපිත කරවීමේ අරමුණින්ද යන්න සැකසහිතයි..
ඔය වගේ ගොඩනැගිල්ලක් හදන්න දේශපාලනේට එන්න කලින් හිස්බුල්ලා කෝටිපතියෙක්ද? ඒ වගේම ඔය කරන්න යන්නෙත් සයිටම් එකට හොර ගිවිසුම් ගහලා සෞඛ්‍ය ඇමතිතුමා කරපු මහජන මුදල් නාස්ති කිරීම නොවේද? දන්නේ නැති නිසා අහන්නේ...
ක්‍රියාවෙන් පේනවා..
ඉතාම හොඳ තීරණයක්. ඔබට ඒකට ශක්තිය ලැබේවි. හැබැයි ගිය 2013 අවුරුද්දේදී මේකට අනුමැතිය දෙද්දී මේ විරෝධය කළා නම් මුලින්ම අවුල ලිහාගන්න තිබ්බා. ඒ අතරම දුප්පත් ලාංකිකයන්ගේ ආර්ථික සුභසිද්ධිය විනාශ කරන පවුල් අවුල් කරන රේස් බුකි ටික වහන්නත් ඔබම මුලික වුණොත් හොඳයි. මොකද ආදර්ශය ගෙදරින් පටන් ගනිමුකෝ. අහිංසක මිනිස්සු හම්බ කරන සොච්චම සූරාකන්න ඔය රේස් බුකිවලින් තමයි.
ඔයා මේ රට කරලා තියෙන හරිය හොඳටම ඇති අපේ දරු පරපුර වත් ඔයාගෙන් බාරගන්න තමයි අපිට තියන ලොකුම සටන...
වැලේ වැල් නැතුව හිටපු ක්‍රිකට් කාපු බුකී කාරයොත් දැන් පාස්කු හුටපටෙන් ගොඩ යන්න දඟලන හැටිනේද?
ඕකට අනුමැතිය දෙනකොටත් සහ රජයට අයත් ඉඩම දෙනකොටත්, ඔයාත් එම ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නේ... දැන් බොරුවට පම්පෝරි ගහන්නේ...
හොඳ ප්රගතිශීලී අදහසක්. ඊට කලින් රේස් බුකී තහනම් කරමු. සිංහල බෞද්ධ පවුල් කොච්චර විනාශ වෙනවද මේ සූදුවෙන්? මන්ත්‍රීතුමා පෙරමුණ ගන්න එ්කටත්...
සූදුව කියන්නේ හොරකමක්.. උදුරාගන්න බැරිකමට කූට උපක්රමවලට මිනිසුන් පොළඹවා අහිංසකයන්ගේ සාක්කු වලට විදීමයි.. නමුත් මේ සූදුකාරයෝ රටේ දානපතියෝ බෞද්ධ සම්මේලනවල සභාපතිවරු සහ සිවිල් පාලනයේ .. මොවුන්ගෙන් රටට සෙතක් වෙනවා කියා හිතනවා නම් වෙලා තිබෙන්නේ මහා රැවටීමක්..
ඕවා ඔක්කොම "රජයට" අරගෙන ඕවා නඩත්තු කරන්නට කව්ද බදු ගෙවන්නේ?
මම කවදාවත් සූදුවට ගිහිල්ලා නැහැ. රේස්බුකිවල බලෙන් මිනිස්සු ඇදලා ගන්නේ නැහැ. මිනිස්සු කැමැත්තෙන්නේ යන්නේ..
මීට කලින් පටන් ගත් ඊනියා ආරක්ෂක විශ්ව විද්‍යාලය දැන් සිවිල් පුරවැසියන්ට මුදලට උපාධි විකුණන කඩයක් වී හමාරයි. ගෝඨාට තිබූ බය නිසා අන්තරය හෝ වෙන කිසිවෙකු හෝ ඊට විරුද්ධ වුනේ නැහැ. මේක රජයට පවරා ගතයුතු වුණත් තව ආරක්ෂක විශ්ව විද්‍යාලයක් රටට අවශ්‍ය නැත...
ශරියා විශ්ව විද්‍යාලය තවම ආරම්භ කරලා නෑ අනුමැතිය නොදුන්නාම ඇති..
ඕවා කරන්න බොරුවට මාධ්‍ය හරහා සටන් කරන්න උවමනාවක් නැහැ, තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ට පුළුවන් අවශ්‍යනම් මේක පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරන්න, එතකොට මේක සම්මත වුනොත් ඕක රජයට පවරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව, එහෙම වුනේ නැත්නම් සටන් කරමු
මේ මොනවාද කියන්නේ. ප්‍රශ්නේ ඇතිකරලා දැන් කතා කරනවා. විස්තර හෙළි වෙලත්, කාටද මේ බේගල් ඇද බාන්නේ.
ඕක පටන් ගන්න කාලයේ මෙයා ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක වෙලා හිටියේ ..... එතකොට මීක් කියලා සද්ද නොකර රිලව් වගේ බලාගෙන ඉදලා අද එනවා සටන් කරන්න.