
(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය.
සැකකරුවන් අට දෙනා එදිනට හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශවයට අදාල පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.
එහිදී එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළ චීවරධාරියකු, තරුණියක සහ මවක සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට කඩා වැදී එහි සිටි පිරිස නිරුවත් කර පහර දී වීඩියෝ පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී
සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ තලෙයිබාන් බෞද්ධයන්ට
හාමුදුරුවනේ, පන්සලේ වැඩ ඉඳලා ශාසන මෙහෙවර කරන්න. අනවශ්‍ය කරදරවලට ලක්වෙන එකෙන් වළකින්න.
ශ්‍රමණවේශධාරියකු...! නියම අර්ථකථනය... කිසි අවුලක් නැහැ. කවුද මේ?
මේක දූශන සිද්දියක් අවුරැදු 20 කට හිරේ යවන්ඩ පුළුවන්
ගෑනු දෙන්නා හරී කියලා කියන්නේ නැහැ.නමුත් නිරුවත් කර පහරදීම කොහෙත්ම අනුමත කරන්ඩ බැහැ.ගහපු උන්ටත් ,අම්මලා,සහෝදරියෝ ඇතිනේ ?
මේ අර අරගලය කරපු ලෝයර් නේද නුවන්? ඉතුරු ටික හිතාගන්න පුළුවන්.
56 ඊනියා විප්ලවයේ ප්‍රතිවිපාක විටින් විට දක්නට ලැබේ!
ධර්ම සාකච්ඡා වලට බාධා කරන්න එපා ළමයි. හෙටත් වෙනදා වගේම බත් තම්බා අරන් ගිහින් දීලා එන්න..
නීතිය අතට අරන් චංඩි නම් කරන අයට වසර 20කට හිරේ යවන්න ඕනේ. පොලිසියේ රාජකාරි පොලිසියට පවරන්න...
මහින්ද මහත්තයට පිරිත් නූල් බැඳපු, රංජන් රාමනායකගෙන් බුදුදහම රැකගන්න කැපවුණු හිමිනමත් එහෙනම් ශ්‍රමන වේශධාරි වුණා..
දැන් මොවුන්ට කෙල්ලෙක්ව නිරුවත් කරලා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාන්න හොඳයි. හැබැයි සේරම වහගෙන යනවා පෙනෙයි කියලා. යකාටම ගිය රටක් මේක නම්...!
මෙය ඉතාම අධම ක්‍රියාවකි... කුමන කාරණයක් නිසා හෝ රටේ කිසිම වැසියෙකුට තමන් විසින් හදාගත් නීති ක්‍රියාත්මක කළ නොහැකිය. ඔවුන්ට දියහැකි උපරීම දඬුවම් දිය යුතුයි. අනිත් අතට සිංහල-බෞද්ධයා යනු දැඩි ව "මිත්‍යාවට සහ සමාජ-නුගත්කමට වහල් වුවන්ය" ඔවුන් හුදෙක් පුරුද්දට ආගම අදහනවා විනා එහි හරයන් නොදනී. මෙයට පංසල ද වග විය යුතුය. වඳුරන්ගෙන් බණ අසන බෞද්ධයින්ගෙන් රටේ අඩුවක් නැත, චීවරධාරියාද, ඔහුට දඬුවම් කළ අමනයන් අට දෙනාද වැටෙන්නේ අර වඳුරන් අතරටයි...
අනුන්ගේ නිවාස වලට කඩාවදින අසහනකාරයින් සෙට් එකක්... මොවුන්ට මෙහෙම බලයක් දුන්නේ කවුද දන්නේ නැහැ. මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න රටේ ජනාධිපතිටවත් බලයක් නැති බව මොවුන් දන්නේ නැහැ...
ඉතාහොඳ තීරණයක්... කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩදිය යුතු නැත...
ඉතාම වැරැදිය. ගම්වාසීන් එතැනට යනවිටත් ඔවුන් නිරුවතින් හිටියේ...!
ඉල්ලන් කෑම....
මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ වැඳුම් පිදුම් ලැබූ නායක හාමුදුරුවෝ එක්වරම ශ්‍රමණ වේශධාරියෙක් වූ සේක !
කිසිදවසක වැරැදි කරලා නැති මිනිස්සු වෙන්න ඇති... මේ මිනිස්සුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ ඔය වගේ වැඩ කරන්න හිතන් ඉන්න අයටත් දැනෙන්න එක්කම... අඩුගානේ හරි බෙෳද්ධයෙක් නම් දැක්කත්, ඇහුවත් ප්‍රශ්නකර නිවැරැදි දෙය වටහාගන්න කියන බුදුවදන දැන ගන්න ඕනෑ. කොහොම වුණත් අසරණ ගැහැණියෙක්ව නිරුවත් කරන එක සහගහන අපරාධයක්. මොවුන් මිනිස්සුද?