ඩයනා උදයංගනී
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29) අභාවප්‍රාප්ත වූවාය.
1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේ ඇයයි. ඇයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජයගත්තාය. ඡන්ද 2,715,285ක් ඇයට හිමි විය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවූවාය.

(පවුලේ ඡායාරූපයක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන්සුව ලැබේවා...!!!
අභාවප්‍රාප්ත වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියට අජරාමර නිවන් සැප ලැබේවා !
ඔබතුමිය විශිෂ්ඨ දේශපාලන නායකයකුගේ බිරිඳක්... උතුම් නිවන් සුවය ලැබේවා!!!
මාගේ සාතිශය සංවේගය..!!! නිවන් සුව ලැබේවා..!!!
ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක්. ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි දෙපළට අවස්ථාව අහිමි නොකළානම් අපේ රටේ ඉතිහාසය මීට වඩා සුබදායක වෙන්න තිබුණා.
එතුමියට නිවන්සුව ලැබේවා...!!!
මගේ බලවත් කණගාටුව...
වංචා, දූෂණ, චෝදනා නැති හොඳ ලෝකෙක උපත ලැබේවා.!!!
ඔබට නිවන් සුවය ලැබේවා.
නිවන් සුව පතමි. අපේ රටේ උගත් බුද්ධිමත් දේශපාලක භාර්යාවන් ඉතා විරලය. ඉන්නේ සීගිරි පර්වතය සේ කොණ්ඩය උසට බැඳන් ජනතා බදු මුදල්වලින් යැපෙන , සැමියාගේ දේශපාලක බලයෙන් හතර වරිගය පොහොසත් කරන අඟනුන්ය. ඒ උදවිය දරුවන්ද පිටරට යවා උගන්වා කොතරම් පොෂ්වීමට දැඟලුවත් උපන් ගෙයි ගතිය මතු වී ජනතා අප්‍රසාදයේ ගිලෙති.
මා ඉතාමත් ප්‍රියකළ ඒ වාගේම 1975 සිට මාගේ සමීපතම මිතුරෙක්ව සිටි දිවංගත ගාමිණි දිසානායක මහතාගේ ආදරණීය බිරිඳ වන ශ්‍රීමති දිසානායක මහත්මියගේ අභාවය පිලිබඳ මාගේ බලවත් කණගාටුව... එම දෙපලගේ දරුවන් වෙත මෙයින් පුද කර සිටිමි. මේ මහත්මියටත් සසර කෙළවර නිවන් සාක්ෂාත් කරගැනීමට වාසනාව ලැබේවා !
මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් පිටුවේ පළවූ සටහනක් මෙසේ උපුටා දක්වමි. "ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු අවස්ථාවේ දී ඇයගේ ධෛර්ය සම්පන්න ඉදිරිපත් වීමට ඒ පක්ෂය පසුකලෙක ඇයට දිය යුතු නිසි ගෞරවය දුන්නා දැයි එජාප පාක්ෂිකයාම කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී පවා ඇය ඡන්ද ලක්ෂ 27 කට අධික ප්‍රමාණයක් ලබා ගත්තාය. අන් දේශපාලන වැන්දඹුවන් මෙන් පසුව දේශපාලනයට නොපැමිණි ඇය තම ගෞරවයත් ත්රස්තවාදීන් විසින් මරා දැමූ සිය සැමියාගේ ගෞරවයත්, දේශපාලනයට පිවිසි දරුවන්ගේ ගෞරවයත් රැකගෙන ජීවත්වෙමින් රටට දුන් ආදර්ශය වැදගත්ය. තම මෑණියන්ගේ වියෝවෙන් තැවෙන නවීන් සිය පුද්ගලික ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.“පියාණන්ගේ අකල් වියෝවෙන් අප හට නැතිවූ පිය සෙනෙහසේ අඩුව පිරවූ මෑණියනි, මා ඔබගේ වියෝව කෙසේ දරන්නද? ඔබගේ ගුණකීමට හෝ ලිවීමට මගේ වෙවුලන දෑතට, ඉකිබිඳින හදවතට ශක්තියක් නොමැත. ඉතින් අවසරයි, උපදින සෑම ආත්මයකම ඔබේම පුතු වේවා."
ඉහළින් අගය කල හැකි ආදර්ශමත් මැතිනියකි. අපගේ බලවත් ශෝකය! ඔබතුමියට නිවන් සුව පතමු!
වරක් ආසියාවේ පොහොසත්ම අය වුනත් මරණය ජය ගන්නට බැරි විය. හම්බකළ කිසිදෙයක් ගෙන යන්නටත් බැරි විය. නිවන් සුව ලැබේවායි පතමු.
එතුමියට නිවන් සුව පතන ගමන්ම.... කෙනෙක් මිය ගිය විටදීවත් එයට ශෝකය පලකරන අයගේ ප්‍රතිචාර වලටත් තමන්ගේ නොකැමැත්ත ප්‍රකාශ කරන ඉතාම පහත් අයට අපගේ විරෝධය....
නිවන් සුව පතමු මෑණියනි ඔබට... ඇත්තටම මේ මරණයකට සංවේගය පලකළාම නොකැමැත්ත ප්‍රකාශ කරන නොමැරෙන වල් උෟරන් කව්ද?
ලලිත් සහ ගාමිනී දේශපාලනයට එන විට මේ රටේ කෘතහස්ත දේශපාලනය මියගොස් අවසන්. ත්රස්තවාදීන් ගාමිණී මරා දමන්නේ එජාපයට පමණක් නොව රටටම යම් තරම්වත් සේවයක් කළ හැකියාව තිබුණු දේශපාලන නායකත්වය විනාශ කිරීමේ අරමුණ ඇතිවයි. ශ්‍රීමා දිසානායක අගය කල යුත්තේ ඇය මවක් ලෙස තම පවුල රැකගෙන අනාගත එජාප නායකත්වයට රිසි පුතෙක් රටට දායාද කිරීම නිසා නොවේද?
මේ වගේ වෙලාවක ශෝකය ප්‍රකාශ කළාම ඒකටත් අකමැති නරුමයන් තාමත් ඉන්නවා.. මේ රට ගොඩගැනීමේ දර්ශනයක් සහ වැඩසටහනක් ගාමිණී දිසානායක මැතිතුමාට තිබ්බා. මහවැලි ජනතාවට අදත් එතුමා දෙවියෙක්... අපේ කාලකණ්ණි දේශපාලකයෝ එදා එතුමාට අවශ්‍ය ආරක්ෂාව දුන්නා නම් එතුමා ජනාධිපති වීම වළක්වන්න බැහැ. මේ මැතිණිය එතුමාට ශක්තියක් වුණා. ඔබ දෙදෙනාටම උතුම් නිවන් සුව ලැබේවා!!!
ඉතා වැදගත් ජීවිතයක් ගත කල උගත් දේශපාලක බිරියකට නිවන් සුව පතමි. එලිනා ජයවර්ධන මැතිනිය , ඩී බී විජේතුංග මැතිනිය වැනි , නිහතමානි බුද්ධිමත් කුල කාන්තාවන් , බිරියන් වූ යුගය අවසාන වීගෙන යයි. අගමැති යුවලකට පුතෙකු වීත් රට වටේ කාර් රේස් ගිහින්, සමාජශාලා වල , ක්‍රීඩා පිට්ටනි වල පිස්සු නැටුවේ නැති අනුර බණ්ඩාරනායක වැනි පුතුන්, රබර් සෙරෙප්පු දමාගෙන වෝඩ් පෙදෙසේ ඇවිද ගිය රවී ජයවර්ධන වැනි පුතුන් අද නැත. ඉන්නේ කටුස්සාගේ කරේ රත්රන් මාල බැඳීම ඔප්පු කරන උද්දච්ච නෝනලා සෙට් එකකුත් , කිසිම. රැකියාවක් නොකර ජනතා බදු මුදලින් ජීවත් වෙන රස්තියාදුකාර දේශපාලු දරු කැලකුත් පමණි.
ආදර්ශමත් චරිතයක්. නිවන්සුව පතමු.