(යොහාන් භාසුර, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.16 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 358 ක් රැස් කළ යුතුය.
සුපිරි පිතිකරු ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 4 කට ඩිල්ෂාන් මධුසංඛ සීමා කිරීමෙන් පසු ෂුබ්මන් ගිල් (92) සහ විරාට් කෝලි (88) දෙවැනි කඩුල්ලට 189 ක සම්බන්ධතාව පැවැත්වූහ.
ගිල් සහ කෝලි ලකුණු 10 ක් රැස් කිරීමට පෙර දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩපන්දු ගිලිහී යාමෙන් මග හැරුණි.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 80 කට කඩුලු 5ක් දවා ගනිමින් සිය එක්දින දිවියේ ඉහළතම පන්දු යැවීමේ දක්ෂතාව වාර්තා කළේය.
ඉන්දීය පිල ඕවර 50 දී කඩුලු 8 ක් දැවී 357
(ෂුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, කේ. එල්. රාහුල් 21, ශියාස් අයිර් 82, රවීන්ද්‍ර ජඩේජා 35, ඩිල්ෂාන් මධුසංඛ 80/5)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ණයට සල්ලිත් දුන්නු නිසා ඉන්දියාවට ජයවේවා...! අනික ඉතින් ඉන්දියාව අපේ ලොකු අයියනේ...!
ශ්‍රී ලංකා ක්‍රිකට් කාරයින්ට සිදු වූයේද අරගල රැලට සිදු වූ දේමයි. අවසානයේ තමන් හිටියාටත් වැඩි පහලට වැටීමයි. නීතිය යනු තමන් යයි සිතූ අරගල ගොබ්බයිනි, මේ තොප විසින් ඇතිකළ අරාජිකත්වයේ තවත් අතුරු ප්‍රතිඵලයකි...!
පුදුමයි, ලංකාව ක්‍රිකට් ගහනවා බලන්න, ප්‍රේක්ෂකයෝ ඉතුරුවෙලා ඉන්න එක...