
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී අද (04) පැවැති තරගය ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
වැඩි විස්තර සඳහා https://tinyurl.com/y4bo3tdl වෙත පිවිසෙන්න.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී අද (04) පැවැති තරගය ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
වැඩි විස්තර සඳහා https://tinyurl.com/y4bo3tdl වෙත පිවිසෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් කොල්ලනේ !!ඉදිරියටත් හොදින් තරග කිරීමට සැමට ශක්තිය ලැබේවා !!!
ජයග්‍රහණය ගැන සතුටුයි තමයි. අපි ඔබලාට බනින එකත් ඉවරයක් නැහැ. මට නම් ඕගොල්ලෝ සෙල්ලම් කරන හැටි දකිද්දී තරහක් නෙමේ එන්නේ හරිම දුකක් .
සුභපැතුම් ! 0-0-2-0 ගහන අය මාරු කරන්නෙම නැතිද ..
මේ ලෝක කුසලානය ලංකාවට අරන් එන්න පුළුවන් රණවිරුවනට මේකත් බර දුන්නනම් තරග පවා දෙන්නෙත් නැහැ. රට පවදෙන්නෙත් නැහැ අපේ රණ විරුවෝ වැඩ විතරයි මේ කට්ටිය කට විතරයි
ජයග්‍රහණය පිළිබඳව සතුට පලකරන අතර , ඔබලාගේ අසාර්ථක පිතිකරණය පිළිබඳව සෑහීමට පත්විය නොහැක , වයසට ගියත් අර 96 යේ අර්ජුන , අරවින්ද , මහානාම ,ජයසුරිය , හෂාන් ,කලුවිතාරණ ,හතුරුසිංහ සහ ගුරුසිංහලගේ කණ්ඩායම ඔය තරගෙට ක්‍රීඩා කරවුවානම් , ඔබල ලබාගත් ලකුණු සංඛ්‍යාවට වැඩි ලකුණු සංඛ්‍යාවක් ඇෆ්ගනිස්ථානෙට විරුද්ධව ඔවුන් නියත වශයෙන් ලබාගන්නවා , අඩුම තරමේ ඔවුන් ඔවෙර් 50 ඉවරවෙනකම් වත් පිතිකරණයේ යෙදේවී
තරඟ දෙකේදීම තවම ඔවෙර්ස් 50 බැට් කරන්න බැරි උනා , කරුණාකර ඊළඟ තරඟයේදී වත් ඔය වැඩකට නැති පිතිකරුවන් කිහිපදෙනෙක් මාරු කරන්න....
පපුවේ අමාරුවට බෙහෙත් ගන්නවා කේන්තියට
විලිලැජ්ජාවෙන් ගැලවුණා බෝලස්ලාට පිංසිදු වෙන්න...........
තව පොඩ්ඩෙන් ඒකත් පරාදයි. පොඩි ටීම් එක්ක මෙහෙම අමරුවෙන් දිනනවා කියන්නේ ලොකු ටීම් එක්ක ලේසි නෑ.
හැමදාමත් අසාර්ථක වන අය අයින් කරලා සෙල්ලම් කරන්න
ටෙස් පිතිකරුවන් ලෙස කණ්ඩායමට පැමිණි දිමුත් කරුණාරත්න , ලහිරු තිරිමාන්න , කුසල් මෙන්ඩිස් , ධනංජය සිල්වා කණ්ඩායමේ ඉඳලත් ඕවර් 50 ඇෆ්ගනිස්ථානෙට විරුධව පිතිකරණයේ යෙදෙන්න බැරිනම් , වැඩක් තිබෙනවද ? ඒ මදිවට අර දිගින් දිගටම අසාර්ථක වෙන මැතිවුස් ගෙනුත් වැඩක් තිබෙනවද ? හැමදාම අසාර්ථක වෙන ඔය පිතිකරුවෝ 2-3 අස්කරලා අර 19 පහල කණ්ඩායමට ගහන හොඳ පිතිකරුවෙක් දෙන්නෙක් කණ්ඩායමට දමන්න , ලකුණු නොගැහුවත් ඔවුන් යමක් ඉගෙන ගනීවි.
හිතට එකඟව සතුටුවෙන්න බැහැ. ඉතාමත් දුර්වල පිතිකරණය දැක්කම හිතෙන්නේ පිතිකරැවන්ට කිසිම උවමනාවක් නැති බවයි තරඟ දිනවීමට. ඇෆ්ගනිස්තානය එක්ක මේ විදියට දිනලා නම් අනිත් තරඟ ගැන බලාපොරොත්තු තියාගන්න අමාරැයි. කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ගැන කියලා වැඩක් නැහැ.
මේකේ ඉන්නවා 3න් 4 දෙනෙක්ගෙන් යැපෙන්න බලාගෙන 6, 7 දෙනෙක් උන් පරපෝෂිතයෝ.. අපි වගේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් පඩි අරන් උන් සැප ගන්නවා. එළියේ මිට වඩා හොද කොල්ලෝ ඉන්නවා. ලංකාවේ ක්‍රිකට් දැන් පාර්ලිමේන්තුව වගේ වෙලා තියෙන්නේ
සමහර විට ලෝක ක්‍රිකට් පිටියේ තවමත් ආධුනිකයින් ලෙස සලකනු ලබන කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කොට ඉතා අසීරුවෙන් ලබාගත් මේ ජයග්‍රහණය මෙවර ලෝක කුසලාන තරඟා වලියේදී අපගේ කණ්ඩායම ලබන එකම ජයග්‍රහණය වෙන්නටද බැරි නැත. නමුත් මෙය ඉදිරි ජයග්‍රහණ වල ඇරඹුම ලෙස සලකා අනාගතය වෙනුවෙන් අපගේ තරුණ ක්‍රීඩකයින් දිරි ගැන්වීම මේ අවස්ථාවේදී කාගේත් යුතුකම වනවා මෙන්ම ක්‍රිකට් පාලනය මුදලට නොව ක්‍රීඩාවට සහ රටට ආදරය කරන අයගේ අතට පත්වෙන තුරු අපට ජයග්‍රහණයක් ගැන සිතීමට අපහසු බවද කිව යුතුය.
නායකයකු වශයෙන් දිමුත් ජයග්‍රහණය සොයා යාමෙදි මැදිවු පිඩනයෙදි ඇන්ජලෝ මාලිංග දිමුත්ට දුන් සහයෝගය ඉතා විශිශ්ඨයි ඔය එකමුතු කමින් පිතිකරුවො වගකීම හරියට ඉශ්ත කලොත් යම්කිසි තරගයක් දීමට පුලුවන් අවශ්‍යම දේ ඔවර් 50ම පිටියේ රදි පන්දුවට පහර දීමයි
දැන් කරන්න තිබෙන එකම දෙය. ඔය ,මුළු කණ්ඩායමම විසුරව හැරලා , මොවුන්ව වසරක් ජාතික කණ්ඩායමට නම් කරන්නේ නැතුව ඉඳල , ක්ලබ් තරගාවලියක් ලංකාවේ පවත්වල එකෙන් හොඳ දක්ෂතා පෙන්වන ක්‍රිඩයන් තෝරාගෙන අලුතෙන්ම කණ්ඩායමක් පුහුණු කරගන්න එක , ඉස්සර ලොකු නම් තිබුනට දැන් ලෙඩ වෙලා හෝ පගාව අරගෙන හෝ බේබදු කම නිසා හෝ ඔලුව ඉදිමීම නිසා හෝ වෙනයම් කාරණයක් නිසා, දැන් දක්ෂතා පෙන්වන්න බැරිනම් හැමදාම මොවුන් පසුපස යාම වැඩක් තිබෙනවද ? ඇෆ්ගනිස්ථානෙට විරුධව ඕවර් 50 ක්‍රීඩාකරන්න බැරි, ලකුණු 250 ගහගන්න බැරි පිතිකරුවන්ගෙන් වැඩක් තිබෙනවද ?
සුබ පැතුම් හැබැයි කප් එක අරගෙන මිසක් මෙහෙ එනවා නොවෙයි. තවත් දක්ෂ තරුණ ක්‍රීඩකයින් රැසක් අතරින් ඔබවතෝරාගෙන තියෙන්නේ. ඔබ පැරදුනොත් - තෝරා නොගත් දක්ෂයින්ට තිබුණ අවස්ථාව ඔබ කොල්ලකාගත් අවස්ථාවක් ලෙසයි සලකන්නේ. ඒ නිසා ඔලුව උදුම්මවා ගන්නේ නැතිව, රෑට රෑට නයිට් ක්ලබ් යන්නේ නැතිව .. තමන් රට වෙනුවෙන් කරන්න ආ මෙහෙවර කරන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා. පැරදිලානම් මෙහෙ එන්න එපා. ගුටි කන්න වෙනවා.
ජයක් නොවේ. ජාම බේරාගැනීමක් විතරක් කියන්න පුළුවන්. පන්දු වලට මුහුණ දෙන්න බැරුව දඟලපු හැටි දැක්කම මටක් වුනේ කෝච් බේරගන්න සෙල්ලම් කරා කිව්ව පොර ටෝක්
ඕවර් 50ක් ගහන්න පුළුවන් ටීම් එකක් දාන්න. ගිහින් තියෙන්නේ T20 ටීම් එකක්නේ...
ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පරද්දන්න අපේ ඉස්කෝල ටීම් එකටත් පුළුවන්.