(විමුක්ති එස් රුද්‍රිගු)

දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ, 2022 ජනමාධ්‍ය නිදහස පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනූව ශ්‍රී ලංකාවට 146 වෙනි ස්ථානය හිමිව ඇත.

නවතම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට ස්ථාන 19 ක් පසුපසට පැමිණීමට සිදුවිය.

2021 ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාවට 127 වෙනි ස්ථානය හිමිව තිබු අතර, ලෝකයේ රටවල් 180 ක් යොදා ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය නෝර්වේ රාජ්‍යයටත්, දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය ස්වීඩනයටත්  හිමිව ඇත.

රුසියාවට මෙම ශ්‍රේණිගත කිරීමේ 155 වෙනි ස්ථානයත්, ඉන්දියාවට 150 වෙනි ස්ථානයත් හිමි වී තිබේ.