
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ග්‍රාමීය ජීවනෝපායන්, නව රැකියා උත්පාදනය සහ කෘෂි ආහාර අංශය දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමග නව හවුල්කාරීත්වය ඇතිකර ගත් බව ලෝක බැංකු සමූහය පැවැසුවේය.
ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහාය යටතේ ඇරැඹෙන ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට කෘෂි ආහාර නිෂ්පාදකයින් 8000 කට සෘජුව සහාය ලබා දෙනු ඇති බවත් හෙක්ටයාර 71,000 ක භූමි ප්‍රමාණයක වාරිමාර්ග හා ජලාපවහන සේවා වැඩිදියුණු කරනු ඇති බවත් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කළේය.
එසේම වැඩසටහන මගින් කුඩා ඉඩ ප්‍රමාණයක් සහිත ගොවීන්ට අස්වැන්න වැඩි කරන සහ පාඩු අවම කරන නවීන, දේශගුණික-බුද්ධිමත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට සහාය ලබාදෙනු ඇති බවත් ලෝක බැංකු සමූහය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වම ලිප්ටන් වට රවුමේ ජවිපෙ පෝස්ටර් බැනර් උස්සගෙන උද්ගෝෂණ. දැන් ජවිපෙ නායකයෝ ඒ ආයතනවලින් ලැබෙන වාසි ගැන දේශනා කරනවා.