ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා එක්වී තිබෙන අතර ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඉන්දීය පිලේ වෙනස්කම් දෙකකි. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සහ යුෂ්වේන්ද්‍ර චාහල් විවේක ගන්වා සිටින අතර ඔවුන් වෙනුවට රවීන්ද්‍ර ජදේජා සහ කුල්දිප් යාදව් ඉන්දීය පිලට කැඳවනු ලැබ සිටිති.
තරගයේ විස්තර සඳහා https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප් එක නැතිවට කමක් නැහැ. ඉන්දියාවට ගැහුවොත් අපට ඇති.
අවිෂ්ක ප්‍රනාන්දු දිගින් දිගටම විශ්වාසයෙන් යුතුව පසුගිය සෑම තරඟයකම විශ්වාසයෙන් යුතුව පන්දුවට පහරදෙමින් ලොකු ලකුණු කරා යනකොට,... ජේෂ්ට ක්‍රීඩකයන් දිගින් දිගටම ලකුණු 10-20 අතර දැවී යන එක ඔවුන්ගේ අදක්ෂතාවය මිසක් තණ තිල්ලෙවත්, දේශගුණයේවත් වරදක් නොවේ. මෙහෙම ක්‍රීඩා කරන කොට ලකුණු 250 ගහන එක හරියට මහා මෙරක් වගේ...
රටේ ජනගහනයෙන් 75% ක් සිංහල.., වෙන මොනවත් මම කියන්නේ නැහැ.