( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී  ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් අවධානය යොමු කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
මියන්මාරයේ ශ්‍රී  ලංකා තානාපති ලෙස පත්වීම් ලැබ සිටින ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් වන මියන්මාර් එයාර්වේස් ඉන්ටනැෂනල් හි  ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් යන මහත්වරුන් මේ සම්බන්ධයෙන්  සාකච්ඡාවක්  පැවත්වූ බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත.
 
ගමනාන්ත දෙකෙහිම සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේදී සෘජු ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම තානාපතිවරයා විසින් මෙහිදී විස්තර කරනු ලැබ ඇත.
 
දෙරට අතර සංචාරකයින් සැලකිය යුතු කාලයක් වැය කළද  එම ගුවන් ගමන් කාලය පැය 3 කටත් වඩා අඩු බවද එහිදී අවධාරණය කෙරිණි.
 
ඓතිහාසික, සංස්කෘතික හා ආගමික බැඳීම් මගින් මෙම වැදගත් ගමනාන්ත දෙක අතර සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා ඇති බවද  තානාපතිවරයා මෙහිදී මියන්මාර් එයාර්වේස් ඉන්ටනැෂනල් හි  නිලධාරීන් දෙදෙනා වෙත පැවසීය.