
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය අද(30) විවෘත කෙරිණි.ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය පකිස්තාන රජයේ පරිත්‍යාගයකි.සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පොත් පුස්තකාලයෙන් ලබාගත හැක.
කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිට පිහිටි "රේස් කෝස්" රථගාල අසල මෙම වීදි පුස්තකාලය පිහිටා ඇත.
මෙම පුස්තකාලය සියලු දෙනාට නොමිලේ භාවිතා කළ හැක."වීදි පුස්තකාලය" සංකල්පය යටතේ පාකිස්ථාන රජය විසින් මෙම ගොඩනැගිල්ල සහ පොත් පරිත්‍යාග කරන ලදි.මෙම පුස්තකාලයේ "පොතක් තබා පොතක් ගැනීම"සංකල්පය ක්‍රියාත්මක වේ.මෙහි පුස්තකාලයාධිපතිවරයකු නොමැති අතර ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ පොත්පත් කියවිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා විසින් රචනා කරන ලද පොත් මෙම පුස්තකාලය සඳහා පරිත්‍යාග කිරීමට කැමැත්තෙමි...