
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස පැමිණියාය.
ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (18) සවස 04.25 ට පැමිණ තිබුණි .
එතුමිය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
මෙම සිදුවීම මාධ්‍ය ආවරණය කිරීම සදහා ගුවන් තොටුපළ බලධාරීන් අවසර ලබා නොදීමට පියවර ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd