
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයෙකු , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
43 හැවිරිදි මොහු කිලිනොච්චිය , උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු ඉකුත් 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය වෙත පළා ගොස් , එරට පුරවැසිභාවය ලබා ගෙන තිබේ .
බ්‍රිතාන්‍යයේ දී ඔහු මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ , ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ .
මේ පිළිබඳ පැමිණිළි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර , එම කොට්ඨාසයේ නිලධාරීන් 2012.05.31 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර , මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්හිඳියාවට බාධාවක් කියලා මෙයාව දැන් නිදහස් කරයි.
ලන්කාවේ ත්‍රස්ත ක්‍රියා නෑ… බෙදුම් වාදයත් නෑ.. ඒකයි හමුදා කඳවුරු ඉවත් කරන්නේ...!
නමක් නැති පුද්ගලයෙක්...?