
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයෙකු , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
43 හැවිරිදි මොහු කිලිනොච්චිය , උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු ඉකුත් 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය වෙත පළා ගොස් , එරට පුරවැසිභාවය ලබා ගෙන තිබේ .
බ්‍රිතාන්‍යයේ දී ඔහු මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ , ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ .
මේ පිළිබඳ පැමිණිළි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර , එම කොට්ඨාසයේ නිලධාරීන් 2012.05.31 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර , මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයකට බ්‍රිතාන්‍යයේ මුදල් එකතු කළ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
මලින් Sunday, 01 December 2024 02:14 PM
සන්හිඳියාවට බාධාවක් කියලා මෙයාව දැන් නිදහස් කරයි.
සමන් විමල්Sunday, 01 December 2024 05:56 PM
මලිත් ඔහු එය දන්නා නිසයි බිය නැතිව පැමිණියේ...
වික්‍රම විදුරMonday, 02 December 2024 07:08 AM
මලින්, සමන්, විමල්, නෑ... මිනිහා හිතුවේ එහෙම තමයි. හැබැයි ඉස්සරහට වැඩිය දැන් නීති තදයි. ඒකයි වුනේ.
ඩිලුම් වික්‍රම Sunday, 01 December 2024 07:34 PM
ලන්කාවේ ත්‍රස්ත ක්‍රියා නෑ… බෙදුම් වාදයත් නෑ.. ඒකයි හමුදා කඳවුරු ඉවත් කරන්නේ...!
Bunny Preena Monday, 02 December 2024 10:19 AM
නමක් නැති පුද්ගලයෙක්...?