(විමුක්ති එස්. රුද්‍රිගු)
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ නවතම සංශෝධනවලදී නිවැරදි නොවන තැන් කිහිපයක් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි.
එමගින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඍණාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය වන බව ද ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් මේ පිළිබඳව එකසත් රාජධානියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.
සංචාරක උපදේශනයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමකාමී බව තහවුරු කර ඇති මොහොතක 2019 පාස්කු ප්‍රහාරය උපුටා දක්වමින් ඕනෑම මොහොතක ත්‍රස්‌ත ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි උපකල්පනය කර තිබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඍණාත්මක ප්‍රතිරූපයක් ඇති වීමට හේතුවක් විය හැකි බව පෙන්වා දී ඇත.
කෝවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන මොහොතක සංචාරක උපදේශනයේ ඇති සාවද්‍ය තොරතුරු විදෙස් සංචිත අවශ්‍යම මොහොතක සංචාරක ව්‍යාපාරය අනතුරට ලක් කරනවා සේම එමගින් පවතින ආර්ථික දුර්වලතා තවත් උග්‍ර කළ හැකි බව පෙන්වා දී ඇත.
එසේම මෙම වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ වැඩිවීම පිළිබඳව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේදී 3 වෙනි ස්ථානය එක්සත් රාජධානියට හිමිවන බවත්, සංචාරක උපදේශනය ධනාත්මක ලෙස සංශෝධනය කරන ලෙසත්, එක්සත් රාජධානියේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා වැරැදියි.. රාජපක්ෂලා විතරයි හරි... !
ලංකාවේ සංචාරක ඇමති කියන පම්පෝරි ගැන අපි හොඳටම දන්නවා ..
බටහිර ජාතීන්ගේ න්‍යාය පත්‍රවල ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙම ඉතින් ආසියාතික රටවලට කෙණෙහිලිකම් කරන්නනේ...