ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 44.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී පැවැති එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44 කට පසුවය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

ඡායාරූපය - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබ පැතුම් කොල්ලනේ !!!
ඇත්තම කියනවනම් බැන බැන හරි අපි ඔක්කොම තරග බැලුව. අපේ කම කියන්නේ ඒ කට. බැන්නේ ආදරේට මව් රටට තියෙන භක්තියට . ඔහොම යමු. වැටෙන්න එපා. ප්‍රවීණයෝ දැන් නවකයින්ට තැන දීල තියෙන්නේ, එකෙන් ප්‍රයෝජන ගන්න.
අපි දන්නවා අපේ කොල්ලන්ට බැරි කමක් නැති බව ..ඒ වගේම ක්‍රීඩාවලට වින කටින අභ්‍යන්තර දේශපාලන අසුචිත් තියෙන බව. කොල්ලනේ උණුසුම් සුභ පැතුම්. ඔයාලට බැරි දෙයක් නැහැ කියලා අපි නම් කවදත් දැනගෙන හිටියා. ඔහොමම යමු මල්ලිලා ...