
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය.
"ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද" යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ ශක්තිමත් නිසා ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ ආධිපත්‍යය අඛණ්ඩව පැවතුණ බවත් නමුත් මේ වන විට ඩොලරයට අභියෝගයක් එල්ල වී ඇති බවත් ඒ මහතා කීය.
මෑතකදී චීනය සහ ඉන්දියාව වැනි රටවල් ආර්ථික බලවතුන් ලෙස නැගී සිටිමින් ඇති බවත් චීනය, රුසියාව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල ලෝක ජනගහනයෙන් සියයට 40 ක් නියෝජනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එය විශාල වෙලඳපල කොටසක් මෙන්ම ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ බ්‍රික්ස් රටවල සිදුවන බවත් බ්‍රික්ස් රටවල් ඔවුන්ගේම ජාත්‍යන්තර මුදල් ඒකකයකට යෝජනාවක් ගෙන හෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා පැවසීය.
චීනය හා ඉන්දියාව අතර පවතින දේශපාලන ප්‍රතිවිරෝධය හේතුවෙන් එය තවමත් යථාර්ථයක් වී නැති අතර ශ්‍රී ලංකාවට ආනයන කිරීමේදී වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් නිසා චීන යුවාන්, ඉන්දියානු රුපියල්, රුසියාවේ රූබල් වැනි මුදල් එකක සමග ජාත්‍යන්තර වෙළඳාම කළ හැකි නම් පහසු වන බවත් ශ්‍රී ලංකාව අපනයන ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා යන රටවලට කිරීම නිසා ඩොලරයෙන් ඉවත්වීම පහසු නොවන බවත් ඒ මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකාව හදිසියේ ඩොලර්හරණයකට ගියහොත් ඇඟලුම් තේ, රබර් වැනි අපනයනවලට බාධක පැමිණවීමට ඉඩ ඇති බව කී පුබුදු ජයගොඩ මහතා ඩොලරයේ ආධිපත්‍යයෙන් මිදීමේ වැඩපිළිවෙලකට යා යුත්තේ මෙරට අපනයන ආර්ථික ව්‍යුහය වෙනස් කරන දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙලක් සමග බව ද සදහන් කළේය.
එහිදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම සදහා අනිවාර්යෙන්ම ඩොලර් හරණය කළ යුතු බවය.
ඒ අනුව ඩොලර් හරණයේ සැලැස්ම විය යුත්තේ විනිමය පියවීම රූබල් මුදල් ඒකකය හරහා සිදු කිරීම බවද ඔහු සදහන් කළේය.
රූබල් මුදල් ඒකකය අනුමත කරන ලෙස රුසියාව වසර ගණනාවක සිට මෙරටින් ඉල්ලීම් කළද පැවති කිසිදු රජයක් ඊට ප්‍රතිචාර නොදැක්වීම කණගාටුවට කරුණක් බවත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
COMMENTS
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙනුත් ඉවත්විය යුතුයි.
කරන්න පුළුවන් දෙයක් කියන්න. වේලි වේලි ඉන්නකොට මොවුන්ගේ කට කහනවා. ඒක හරියට ඔබ පවුල්වලින් වෙන්වෙලා පිළිකන්නේ ඉන්නවා වගේ වැඩක්...
කොහෙන්ද මෙයාව හොයාගත්තේ...?
මම මේ දැනගන්න අහන්නේ, අපි $ න් ඉවත් වෙලා වෙන මොකක් හරි ජ්‍යාත්‍යන්තර මුදල් ඒකකයකින් ගණු දෙනු කරන්න පටන් ගත්තා කියමුකෝ, ඒත් අපි වෙලා තියෙන ණය කන්ද කොහොම ද අඩු වෙන්නේ? ඒ මුදල් ඒකකයෙත් අගය තීරණය වෙන්නේ $ට අනුව නේද? ඒත් අපිට ගෙවන්න තියෙන ණය...
අප රටේ ආර්ථිකය ශක්තිමත් නම් සහ අපට කෙලින් නැගිට සිටිය හැකි නම් මෙහෙම කළාට කමක් නෑ. නමුත් අප අන් රටවලින් යැපෙන ආර්ථිකයක් තබාගන මේ ගැන සිතන්නවත් බැරිය. ඉරාකයට මුහුණ දෙන්න වුනේත් මේ ආකාරයට ගත් තීන්දුවක් නිසාවෙනි. ඔවුන් ඩොලරය අතහැර යුරෝ ඒකකයට ගිය නිසාවෙන් ඔවුන්ට අත්වූ ඉරණම දැක්කානේ. එවන් තත්වයක් තමයි ලංකාවට ඇතිවන්නේ එහෙම කලෝතින්. එනිසා හිතන්නවත් බැරි කාලයකට ගොඩ ඒමක් හිතන්නටත් පෙර මෙවැනි මෝඩ අදහස් ක්‍රියාත්මක කරන්න කලින් රටේ ණය පියවලා ආර්ථික මට්ටම හොඳ අතට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාදැයි මුලින් හොයන්න තකතීරු කතා නොකියා...
ආ.., මේ පාමකෝටියනේ…!
යසයි, වෙන මුදල් එකක මොකෝ අපේ රුපියල දාන්න බැරිද කියලා මොවුන්ගෙන් අහන්න කෙනෙක් නැති හැටි...! රටක් වනසන්න මේ කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති...
ගොං හරකුන්ගේ අඩි පාරේ තමයි මේ පාලකයොත් ගියේ. ඇමරිකන් තානාපති කාර්‍යාල වහලා, ඩොලර්වලින් ගනුදෙනු නවතා චීන රුසියානුවන් එක්ක අත්වැල් අල්ලාගෙන සමාජවාදී ජයකණුව කරා යනවා කියලා. බලේ ගත්තාම රටේ වාසනාවට එයාලා ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගෙන වැඩකරනවා. තාමත් හොරිකඩ ඇමරිකන් විරෝධී මන්තරේ ජපකරමින් රට වලපල්ලටම දමන්න හදනවා. හෙණම වැදියව්.
අපි චීනයේ ප්‍රාන්තයක් වෙමුද ?
තව ටික දවසකින් කියාවි ලංකාව සෞරග්‍රහ මණ්ඩලයෙනුත් ඉවත් විය යුතුයි කියලා. මේ වගේ මෝඩ ළිං ගෙම්බෝ සෙට් එකක්.
උබට මොලේ කලදක්වත් නැද්ද.ඇමෙරිකාවෙන් ගේම ඉල්ලන්න කලින් හිතපන්. උන්ට රත්තරන්ම තියෙනව ටොන් 8233ක් . ගත්ත නැති තෙල් ඩොලර් ට්‍රිලියන 2 ක් තියේ .
ගුලිකාලද කොහෙද? වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිල්ල නෑ. මේ වගේ බඩු තමයි හඳට ගල්ගහලා තියෙන්නේ ඉස්සර කාලෙ.