
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , " දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය '' ලෙස නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ.
මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කළාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරන්නකි.
මෙම සම්මාන උළෙලේ තෝරා ගැනීම් සදහා අදාළ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද අනුව සංවිධායක මණ්ඩලය විසින් සිදු කර තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ඉන්දියාව , පකිස්තානය බංග්ලාදේශය ,නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 130 ක් ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් වෙලා හොම්බෙන් යද්දීත් සේවය අගයන්න නෙවෙයි මහජනයාට උහුලන්න බැරි බරක් වලා තියන මේ සුදු අලියා විසුරුවා හරින ඒකයි කරන්න ඕනෑ