
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි
ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු විය.
කවදත් මගී ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකමින් මෙම ගැටළු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට අපි උනන්දුවෙන් කටයුතු කරමින් සිටිමු.
අපගේ වටිනා ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින අතර අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉවසීම අපි බොහෝ සේ අගය කරමු. ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගුවන් මගින් අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර, සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් ගමන් කිහිපයක් කොහොමද එකවර ෆේල් වෙන්නේ? ඔය එක එක ප්‍රශ්න නිසා මගියෝ රස්තියාදු වුණු පළවෙනි සැරේ මේක නෙවේනේ? ඔහොම වුණාම මිනිස්සු ඕක බුක් කරන්නේ නැහැ... අනිවාර්යයෙන්ම මේ වසරේත් ඕක පාඩු ලබනවා, ගුවන් යානා සමාගම් පාලනය අද කාලේ බොහෝ දුරට ආණ්ඩුවලින් කරන්නේ නැහැ. ඕක විකුණලා දමන්න බැරි නම් වහලා දමන්න.. නිකරුනේ අපේ බදු සල්ලි නාස්ති නොකර...
"ඉඟුරු දීලා මිරිස් ගත්තා" කියන්නේ මේවාට තමයි.
ඔය විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. අන්තිමට ඕකේ ඉතුරු වෙන්නේ දිරාගියපු ප්ලේන් කෑලි ටිකකුයි ඕකේ බෝඩ් එකයි ණය ටිකයි විතරයි. මේකේ සාපේ මහින්දට... මොකද මිනිහාගේ උද්දච්ඡකම නිසයි එමිරේට්ස් පන්නා ගත්තේ...
කලබල වෙන්න එපා . ඕක ගොඩ දාන එක මට මහ ලොකු කජ්ජක් නෙමෙයි .අර නාකි මනුස්සයා සෙට් කරලා දුන්න IMF නයෙන් ඕක ගොඩ දාන හැටි මම පෙන්වන්නම් .බැරිම උනොත් දාලා දුවන හැටි මම පෙන්නන්නම්
Sri Lankan Airlines එකේ UL කියන කෝඩ් එකට Usually Late කියලා සුද්දො කියන්නෙ නිකං නෙමෙයි නෙ. සාමාන්ය දවසකටත් පැයක් විතර පරක්කු කරලා සොරි කියල ප්ලේන් එක ඇතුලෙ announcement එකක් දෙනවා
මොනවා වුණත් අපි ඕක දෙන්නේ නැහැ... ජේවීපී / එන්.පී.පී...