(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% එක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.
මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔක තමයි රට ජනතාව ඉල්ලන්න වෙනස, වෘතීය සමිති වහා අහෝසි කරන්න
එහමනම්, නැවතත් මෙයාට කොමිස් මුදලින් නාගන්න හැකි වේවි. තවත් කොමිසම් සභාවක් පත් කරන්න වෙනවා. ආයිත් නිදොස්කොට නිදහස්.
යන්තම් ඇති දැන්වත් උසස් තත්වෙ සේවාවක් හම්බවෙයි. ළඟදි මම ගියා... අපෝ..! එපා වුණා. ඉඳගන්න සීට් ගැලවෙනවා. කෑම තියාගන්න ට්‍රේ වල පරණ ඉඳුල්.. ඒසී මදි. කෑම ගැන කතානොකර ඉමු. සීට් ඉරිලා. චෙකින් වෙන්නේ එක කවුන්ටර් එකයි ආපු රටේ ඉඳන්... පෝලිමේ ඉන්න ඕනෑ. කටාර්වලට හරි, එමිරේට්ස්වලට හරි දෙන්න. හෙඩ් සෙට් පරණයි. පොරවාගන්න රෙද්දක් දෙන්නේ නැහැ. ශ්‍රී ලංකන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ.
පතිරගේ උන්නැහේ ආවට, පස්සේ ලාබ ලබන්න ගත්තා කියලා ටික කලකට කලින් කියලා තිබුණා. දැන් ඕක සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මත් කමක් නෑ. පාඩු ලබන හැම ආයතනයක්ම පුද්ගලික අංශයට, දිය යුතුයි. හැබැයි ඒවාත් මොවුන් බොරු සමාගම් අටවගෙන ගනීද කියන එකයි බය. ජපන් සමාගගෙන් පගාව ඉල්ලපු එක්කෙනා අනික් සමාගම් වලින් නොඉල්ලා ඉන්න විදියක් නෑ. ඇරත් මේ නිදිමතයා කියලා තිබුණා ජනාධිපතිකමට වැඩිම සුදුස්සාත් තමන් කියලා.
පාඩුලබන කම්පැණියක ආයෝජනය කරන්නේ එක්කෝ මෝඩයෙක්.. නැත්නම් ලොකූ හොරෙක්.. සිරිපාලට තව කාලයක් නිදාගෙනම ඉන්න පුළුවන්..
පසුගිය කාලයේදී ශ්‍රී ලන්කන් ආයතනයෙහි පාලකයින් ලෙස කිසිඳු දැනුමක් නැති අය (රට පාලනය කළ අයගේ ඥාතීන්) පත්කිරීමද මෙම ආයතනය පාඩු ලබන තත්ත්වයට පත්වීමට හේතු විය. එමිරේට්ස් ආයතනය මගින් ලාබ ලැබූ මෙම ආයතනය අද වනවිට බිලියන ගණනක පාඩුවක් ලබන තත්ත්වයට පත්ව ඇති බැවින් මෙමබර තවදුරටත් රටේ ජනතාව මත නොපටවා Srilankan එයාර් ලයින්ස් ආයතනය ඉතා කඩිනමින්ම පෞද්ගලීකරණය කිරීමට පියවර ගත යුතුයි...
තවම කැබිනට් එකේ ඉන්නේ කළින් රටට කෙළවපු කටිට්යමයි..ඉතින් ලොක්කා වෙනස් වුණාට පරණ කට්ටියටම මේවා ගැන තීරණ ගන්න දීලා වැඩක් වෙයිද?
කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ලාභ ලබනවා, ඒවා වෙන වෙනම විකුණන්න අවශ්‍ය නැහැ.
ආනන්ද පාලිතවත් පෞද්ගලීකරණය කරන්න බැරිද?
ඕක ලාබ ලබද්දී එමිරටේස් එකෙන් පුද්ගලින වාසියට සහ නූගත්කමට රජයට පවරාගෙන පාඩු ගෙනෙන තත්වය නෑදෑයින් ලොකු පුටුවලට දමපු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික මුදලින් අලාභය පියවාගන්න...