(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් කොටස් අයිතියෙන් සියයට 49ක් විදේශීය ආයෝජකයකුට ලබාදී ඉන් ලබා ගන්නා මුදලින් ආයතනයේ ණය පියවා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
භූමි සේවා සැපයුම් අංශය වෙනම සමාගමක් ලෙස ස්ථාපනය කර එහි කොටසක් මෙලෙස විදේශීය ආයෝජකයෙකුට ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ මේ අවස්ථාවේදී ආයතනය ගොඩගැනීම සඳහා ගත හැකි හොඳම පියවර එය බවයි.
මේ අංශ දෙකම දැනට ලාභ ලබන ඒවා බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා ලංකන් ගුවන් සමාගමේ දැනට දේශීයව සහ විදේශීයව පවතින ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 966කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට නොදී,වෙන ඕනෑම රටකට දෙන්න...
විකුණන්නේ ලාභ ලබන අංශලු... ලාභ ලැබෙනවා නම් විකුණන්න ඕනේද?
ලාබ ලබනවා නම් විකුණන්නේ ඇයි? හරි පුදුමයි...