
(අංජුල මහික වීරරත්න)
' ශ්‍රී ලාංකික දිනය ' ජාතික වැඩසටහන පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 'ශ්‍රී ලාංකික දිනය' ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරන ලදී.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත. ඒ අනුව, ' ශ්‍රී ලාංකික දිනය ' වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ග වලින් ආවරණය වන පරිදි කලාප 4ක රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්ක වල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර තිබේ. ඒ අනුව, ' ශ්‍රී ලාංකික දිනය ' වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික නිදහස් දින උත්සවය තව තවත් අර්ථවත් කරනවා මිසක වැඩ කරන දින පමණක් නොව කාලය ද කා දැමීමක් පමණි. අවසාන වශයෙන් තවත් ජාතික වියදමක් එකතු වූ වගයි.
සිංහලබෞද්ධ රට දියකර හැර විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තවත් පියවරක්. රැළට ගොස් උඩ දමාගෙන ඡන්දය දී මෙවැනි කූචිකිචයියන් පත්කරගත් ජනතාව මේවාට වගකිව යුතුයි...
ආණ්ඩුවකට කරන්න වැඩක් නැති වුණාම එහෙමත් නැත්නම් වැඩක් කරන්න තේරෙන්නේ නැති වුණාම මේ වගේ විකාර කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා දැන් ආ ගිය අතක් නෑ. හොරු අල්ලන නාට්ටිත් හැමදාම පෙන්නන්න බෑ. කුඩුකාරයෝ ඇල්ලිල්ලත් එච්චරයි. මිනිස්සුන්ගේ ඇස් නිලංකාර කරනවා විතරයි කියලා මිනිස්සුන්ටම දැන් තේරෙනවා. පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ පේන්ට් කිරිල්ලත් ලොකු කරලා පෙන්නුවට එහෙමකට වැඩක් නොවෙයි කියලා කාටත් තේරෙනවා. වැව්වල ජපං ජබර ගලවන ඇමැතිලා, උසාවි නියෝග ගණං ගන්න එපා කියන මෝඩ නෝනලා, අවුරුදු 16 පැන්නම ළමයින්ට රු. 500ක් දීලා හිරිඔතප් බිඳගනිල්ලා කියන උද්දච්ච ඇමැතිලා ඉන්න ආණ්ඩුවකින් ඉතිං මේ වගේ නාඩගම් තමයි බලන්න පුලුවන්. තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක්නේ දෙයියනේ... මේ විකාර වැඩ කරලා ලෝකේ හිනස්සන්නේ. පෙබරවාරි 4 වෙනිදාටම ඔය වැඩේ කොරන්න බෑද?
සඳමාලිගෙ කලබලේ ඇයි කියල අපිට නොතේරෙනව නෙමෙයි. ඔය අය කැමති නෑ ලස්සන, පොහොසත් රටකට. එහෙම රටක ඔය විරුද්ධ අදහස් දාන අපතයින්ට පැවැත්මක් නෑ, ඒකයි කාරනේ.
එපමණයි අඩු... ඒකත් කරාම රටට හරි යයි. අපේ ආගමයි, සංස්කෘතියයි විනාශ කර දමන වැඩසටහන්.