
(තිළිණි ද සිල්වා)
වසර දෙකකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර සෘජු ගුවන් ගමන් යළි හෙට (08) සිට ඇරඹෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව පෝලන්ත ලොට් පෝලිෂ් (Lot Polish )ගුවන් සමාගම අද මිට දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
සතියේ දිනවල සදුදා, බදාදා හා සෙනසුරාදා යන දිනවල ලොට් පෝලිෂ් ගුවන් යානා මෙරටට පැමිණිමට නියමිතයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම් බැරකූස්කි මහතා අතර අද (07) සංචාරක අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය කෙරිණ
කොවිඩ් වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණිම නතරවුුණු ගුවන් සමාගම් රැසක් ද මේ වන විට යළි මෙරටට පැමිණිමට කටයුතු යොදා ඇති බවත් , වසංගතයට පෙර ගුවන් සමාගම් 37 ක් මෙරටට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළ අතර රට නැවත විවෘත කිරිමෙන් පසුමේ වන විට ගුවන් සමාගම් 23 ක් නැවත මෙරටට මගී ගුවන් ගමන් ආරම්භ කර ඇති බව සංචාරක අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
තවත් ගුවන් සමාගම් 08 ක් මේ වන විට ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාව හා පෝලන්තය හරහා සංචාරක කර්මාන්තය නංවාලිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද මෙහි දි අවධානය යොමු කෙරිණි. සංස්කෘතිකමය සංචාරක කර්මාන්තය සහ සුවතා සංචාරකකර්මාන්තය කෙරෙහි පෝලන්ත සංචාරකයන්ගේ වැඩි අවධානයක් යොමුව ඇතැයි තානාපතිවරයා මෙහි දි කියා සිටියේය.
ශ්‍රී ලංකාව හා පෝලන්ත සංචාරක සංවිධාන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේ දි පැවැත්විමටත් ඒ අනුව සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමටත් තීරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලන්තයේ මිනිස්සු ලංකාවට එන්නේ නැහැ. යුරෝපයට පැනගන්නයි බලන්නේ. කොහොමටත් මේ වගේ අයට සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න බැහැ.