IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපතිට විරෝධයක්

(මනෝප්‍රිය ගුණසේකර)

දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා ‘ජයිකා’ ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2 1/2කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විනිවිද භාවයකින් තොරව කටයුතු කළැයි කියන සිද්ධිය හේතූවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු නොකර ඉවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව ඒ මහතාට දැනුම් දී ඇත.

නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධුරයේ තවදුරටත් කටයුතු නොකරන ලෙස දැනුම් දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව ගත් තීරණයකට අනුව මේ බව කෞෂල්‍ය නවරත්න මහතාට දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් හිටපපු සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පත් කර ඇත.

දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා ජපානයේ ජාත්‍යයන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ‘ජයිකා’ ආයතනයෙන් 2023 වර්ෂයේදී ඉදිරිපත් කළ ලංසු වලට අනුව රුපියල් මිලියන 24ක මුදලක් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලංසු තැබීමේදී සහ ගිවිසුම් වලට එළැඹීමේදී පාරදෘෂ්‍ය භාවයකින් යුතුව කටයුතු නොකළ බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතු`ථ කිහිප දෙනෙකුට එරෙහිව සමාජයේ විවිධ චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර මාස 02ක කාලයක් තුළ නීතීඥ සංගමයට වාර්තා කරන දැනුම් දෙමින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පත් කෙරිණී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති නීතීඥවරුන් වන කනග් ඊෂ්වරන්, ෆායිස් මුස්තාපා, ඉක්‍රම් මොහොමඩ්, රියෙන්සි අර්සකුලරත්න සහ ජෙෆ්රි අලගරත්නම් යන ජේ්‍යෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විමර්ශන කණ්ඩායම විසින් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව පසුගිය මස 30 වැනිදා විමර්ශන වාර්තාව එළි දැකවිණී.

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපතිට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site