
(ටී.කේ.ජී.කපිල )
මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද(11 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. .
ඔහු එසේ පැවසූවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ , දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා , දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් , තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය .
ඒ සදහා ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත , ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ , තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව එක්ක නේද? දැඩි කියන්නෙ, උපරිම දැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්න, ක්‍රීඩකයා. බලාපොරොත්තු ටික තදකරල අල්ලගෙනත් ඉන්න.
ඡන්දෙන් පැරදුණු අයගේ කතාවක් මෙයා කියලා තියෙන්නේ .. ඉනිම 3 හොඳට සෙල්ලම් කරා නම් ටෙස් මැච් දෙකම පරදින්න බෑ නේ.. මෙවැනි කතා කියලා හිත සනස ගන්න එපා. ඇත්ත කියන්න අපිට වඩා හොඳට දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළා කියලා.. ඒක තමයි ක්‍රීඩාවේ මහත්මා ගුණය සහ ගතිය
මැච් 2 විතරක් නෙවෙයි... ඉනිම 4කුත් පරාද වෙලා ඉන්නේ...!
බැරිකමට පිළිතුර ධෛර්යයමත්ව නොනැවතී පුහුණුවීම. උදාහරණය සංගා. ශතකයක් ගත්තත් පසුවදාත් නැවත පුහුණුවේ. ඔහු ආදර්ශයට ගන්න. කවුරුත්ම සුපිරි නෑ. උත්සාහ කරන්න ඕනෑ...
පෙර සූදානම මදි. අපේ ක්‍රීඩකයින්ට ඉපිලෙමින් දෝලනය වන පන්දුවලට මුහුණදීමේ නොහැකියාව නිසා තමයි පරාද වුනේ...
හොඳට දිනන්නඩ තිබිච්ච තරග පැරදිලා